දේශීය පුවත්

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් බෙදුම්වාදී වුවමනාවන් ඉටුවන බැවින් එය පරාජය කිරීමට සියලුදෙනා එක් විය යුතු බව මහා සංඝරත්නය අවධාරණය කරයි.

ජාතික සංවිධාන සම්මේලනය විසින් 2018.05.03 (අද) කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ පැවති ජාතික මහා සග නියෝජිත සමුළුව විසින් ඒකමතිකව සම්මත කළ සමුළු ප්‍රකාශය මගින් සංඝ ආඥාවක්ද නිකුත් කරන ලදි.

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සං‍ශෝධනය ගෙන ඒමේ අරමුණ වන්නේ 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමට ඇති සුළු සුළු බධා ඉවත් කිරීම බව එම සඟ සමුළුව ඇමතූ මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් ප්‍රකාශ කළේය.

ජාතික සංවිධාන සම්මේලනය විසින් කළ ආරාධනයකට අනුව පැවති එම සම්මේලනය ශ්‍යාමෝපාලි වාංශික මහානිකායේ අස්‌ගිරි පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ උපාලි, ශ්‍යාමෝපාලි වාංශික මහානිකායේ අස්‌ගිරි පාර්ශ්වයේ ප්‍රධාන ලේඛකාධිකාරී ආචාර්ය අතිපූජ්‍ය මැදගම ධම්මානන්ද, අමරපුර මහා නිකායේ මහානායක රාජකීය පණ්‌ඩිත ශාස්‌ත්‍රපති ගන්තුනේ අස්‌සජි, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ අනුනායක මහාචාර්ය කෝන්ගස්‌තැන්නේ ආනන්ද, කෝට්‌ටේ ශ්‍රී කල්‍යාණි සාමගි්‍ර මහා සංඝ සභාවේ අනුනායක හා ප්‍රධාන ලේඛකාධිකාරී මහාචාර්ය අතිපූජ්‍ය කොටපිටියේ රාහුල, ශ්‍යාමෝපාලි මහානිකායේ මල්වතු පාර්ශ්වයේ අතිපූජ්‍ය අනුනායක නියංගොඩ ධර්මකීර්ති ශ්‍රී සංඝරක්‌ත යන හිමිවරුන් නියෝජනය කරමින් කොළඹ මාලිගාකන්ද විෙද්‍යාaදය පරිවේණාධිපති අතිපූජ්‍ය බලංගොඩ සෝභිත හිමි යන මහානායක අනුනායක හිමිවරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

ජාතික නියෝජිත මහ සග සමුළුව – සමුළු ප‍්‍රකාශය

2018 මැයි මස 03 දින කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ දී රැස්වූ
ජාතික නියෝජිත මහ සග සමුළුව මෙසේ ප‍්‍රකාශ කරන වග යි.

01. පවතින වාතාවරණය තුළ නව ව්‍යවස්ථාවක් හෝ ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය නොවන බවට ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා විසින් ආණ්ඩුවට අනුශාසනා කොට ඇති බැවින් ද,

02. ශ‍්‍රී ලංකාවේ පැවති ආණ්ඩුව වෙනස් කිරීමේ උවමනාව සහ ශ‍්‍රී ලංකාවේ ව්‍යවස්ථාව බෙදුම්වාදී බලවේගවලට අවශ්‍ය ආකාරයට සංශෝධනය කිරීම යන උවමනාවන් දෙක ම එකට බැඳී තිබූ බවට ප‍්‍රබල සාක්‍ෂි තිබෙන බැවින් ද,

03. මෑතකාලීන ව විශ්වාසභංග යෝජනාව ආශ‍්‍රීත ව විවිධ පාර්ශ්ව අතර ඇති කරගන්නා ලද එකගතාවන් තුළ බෙදුම්වාදී බලවේග සතුටු වන ආකාරයේ ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කළ යුතු බවට කොන්දේසි ඇතුළත් ව තිබූ බවට සාක්‍ෂි තිබෙන බැවින් ද,

04. ශ‍්‍රී ලංකාවේ ක‍්‍රියාත්මක වන බෙදුම්වාදී, ජාතිවාදී පක්‍ෂ වෙන ම රාජ්‍යයක් හෙවත් ස්වයංතීරණ අයිතිය දිනා ගැනීමේ අපේක්‍ෂාව අතහැර නොමැති බැවින් සහ ඔවුන් එම උවමනාව වෙනුවෙන් දිගින් දිගට ම පෙනී සිටින බැවින් ද,

05. මීට පෙර ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය හරහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතුරු වාර්තාව තුළ බෙදුම්වාදී ඉලලීම්වලට සුජාතභාවය ලබා දී ඇති බැවින් ද,

06. ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ සංයුතිය සහ ක‍්‍රියාකාරීත්වය පිළිබ`ද ව ගොඩනැගුණු මහජන විරෝධය නිසා එම ක‍්‍රියාවලිය අතහැර වෙනත් පාර්ශ්වයක් මගින් ව්‍යවස්ථා සංශෝධන පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම තුළ ව්‍යවස්ථා සංශෝධනයට අදාළ ව මහජනයා නොමග යැවීමක් සිදුවන බව පැහැදිලි ව පෙනෙන බැවින් ද,

07. 1987 දී 13 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් නිර්මාණය කළ ඉන්දියාවටත් වඩා බරපතල ෆෙඩරල් ලක්‍ෂණ ශ‍්‍රී ලංකාවේ රාජ්‍ය ව්‍යුහය තුළ ක‍්‍රියාත්මක නොවූයේ එම සංශෝධනය සම්පූර්ණයෙන් ම ක‍්‍රියාත්මක කිරීම වලක්වමින් පනවා ඇති වක‍්‍ර ව්‍යවස්ථාමය බාධක නිසා බව පැහැදිලි ව ඔප්පු වී ඇති බැවින් සහ එම එම බාධක ඉවත් කළ යුතු බවට ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ අතුරු වාර්තා මගින් පිළිගෙන තිබෙන බැවින් ද,

08. ශ‍්‍රී ලංකාවේ ව්‍යවස්ථාව තුළ අඩංගු වන බෙදුම්වාදයට පහසුකම් සලසන ප‍්‍රතිපාදන ක‍්‍රියාත්මක කිරීම වැලැක්වීම සදහා ප‍්‍රධාන වශයෙන් ම වැදගත් වන්නේ විධායක ජනාධිපති බලතල බවට 13 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව මගින් ප‍්‍රකට වන බැවින් ද,

09. 13 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි නොකර විධායක ජනාධිපති බලතල පමණක් අහෝසි කිරීම මගින් රට බෙදුම්වාදයේ ගොදුරක් බවට පත්විය හැකි බව පැහැදිලි ව පෙනෙන බැවින් ද,

10. ජාත්‍යන්තර මානව හිමිකම් කොමිසම 2015 දී ශ‍්‍රී ලංකාවට එරෙහි ව සම්මත කළ 30/1 යෝජනාව මගින් 13 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ක‍්‍රියාත්මක කළ යුතු බවට කොන්දේසි පනවා ඇති බැවින් සහ ව්‍යවස්ථා සංශෝධනයක් මගින් එම කොන්දේසි වහා ඉටු කරන ලෙසට ජාත්‍යන්තර බෙදුම්වාදී බලවේග විසින් දිගින් දිගට ම ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුවට බලකරමින් සිටින බැවින් ද,
11. 19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කළ අවස්ථාවේ දී එම සංශෝධනයේ දීර්ඝ නාමයේ අඩංගු නොවූ සංශෝධන රාශියක් කලබලකාරී සහ බලහත්කාරී ආකාරයට සම්මත කිරීම මගින් වැරදි පූර්වාදර්ශයක් ලබා දී ඇති බැවින් සහ මේ වන විට 20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැරසෙන පාර්ශ්ව සහ ඊට සහාය දැක්වීමට අපරික්‍ෂාකාරී ව ඉදිරිපත් වන පාර්ශ්ව එම ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී සහ ව්‍යවස්ථා විරෝධී ක‍්‍රියාවට නිහ`ඩ ව සහාය දැක්වූ බැවින් ද,

12. විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමේ නාමයෙන් ගෙන එන 20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීමේ දී බෙදුම්වාදීන් විසින් සුළු සංශෝධන ලෙස ඔවුන් විසින් නිශ්චිත ව ඉල්ලා සිටින 13 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ම බලාත්මක කිරීම ස`දහා වන සංශෝධන පාර්ලිමේන්තුවේ කාරකසභා අවස්ථාවේ දී අයුතු ලෙස ඇතු`ඵ කිරීමට පැහැදිලි ඉඩක් තිබෙන බැවින් ද,

13. විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම ස`දහා ජනමත විධාරණයක්, අවශ්‍ය වන බැවින් එම යෝජනාව සම්පූර්ණයෙන් ක‍්‍රියාත්මක නොකර බෙදුම්වාදීන්ට උවවමනා ප‍්‍රමාණයට පමණක් විධායකය දුර්වල කොට 13 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් බලාත්මක කිරීම ස`දහා අවශ්‍ය සෙසු සංශෝධන පමණක් ක‍්‍රියාත්මක කොට ජනමත විචාරණය කල්දැමීම මගින් විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමට පක්‍ෂපාතී මහජනයා රැුවටීම ස`දහා යම් අරමුණක් යම් පාර්ශ්වවලට තිබිය හැකි බැවින් ද,

14. බෙදුම්වාදය යුදමය වශයෙන් පරාජය කිරීම ස`දහා දායක වූ රණවිරුවන්ට ද`ඩුවම් කිරීම ස`දහා නව පනත් දෙකක් දැනටමත් සම්මත කොට ඇති බැවින් බෙදුම්වාදයට පහසුකම් සලසන ව්‍යවස්ථා සංශෝධනයක් සම්මත වූ පසු ව එම පනත් ක‍්‍රියාත්මක කොට ආරක්‍ෂක හමුදා දුර්වල කිරීමේ සහ දුර්මුඛ කිරීමේ උවමනාවක් බෙදුම්වාදී බලවේගවලට තිබෙන බැවින් එවැනි තත්ත්වයක් නිසා රට බෙදුම්වාදයේ ගොදුරක් බවට පත් විය හැකි බැවින් ද,

15. ව්‍යවස්ථා සංශෝධන ක‍්‍රියාවලිය තුළ පසු ගිය වසර 3ක කාලය තුළ සිදු වූ රැුවටිලිකාරී ප‍්‍රවණතාවන් නිසා එම ක‍්‍රියාවලිය පිළිබ`ද පොදු මහජනතාවගේ සහ මහා සංඝරත්නයේ විශ්වාසය බි`ද වැටී ඇති හෙයින් සහ ජාතික සංවිධාන එම ක‍්‍රියාවලියට දැඩි ලෙස විරෝධය පළ කරන බැවින් ද,

16. බෙදුම්වාදී බලවේගවල සහයෝගය සහ අනුග‍්‍රහය අපේක්‍ෂා කරමින් ඉදිරිපත් කෙරෙන ව්‍යවස්ථා සංශෝධන යෝජනාවලියක අනතුරුදායක බව එම යෝජනාව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම හෝ ඒ ආකාරයේ වෙනත් යෝජනාවක් සමග ගැටගැසීම මගින් නිවරදි නොවන බව ඕනෑම රටවැසියකුට තේරුම් ගතහැකි බැවින් ද,

ෆ යෝජිත 20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන ලෙසට අදාළ සියලූ පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින අතර එම ඉල්ලීම නොසලකා එය පාර්ලිමේන්තුව මගින් සම්මත කිරීමට යම් පාර්ශ්ව උත්සාහ කරන්නේ නම් එය පරාජය කළ යුතු බවට මේ රටේ මහාසංඝරත්නය මෙම ජාතික නියෝජිත මහ ස`ග සමුළුව වශයෙන් සියලූ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්, අතිගරු ජනාධිපතිතුමා, අගමැතිතුමා සහ හිටපු ජනාධිපතිතුමා ඇතුළු පොදු ජනතාවට මෙසේ දන්වා සිටිම්හ.

ෆ එසේ ම රටේ පොදු ජනතාවගේ අපේක්‍ෂා ඉටු කිරීම ස`දහා, විශේෂයෙන් ම සිංහල, දෙමළ, මුස්ලිම් සියලූ ජනතාවට නීතිය ඉදිරියේ සමානාත්මතාවයෙන් සැලකීම මගින් රටේ පවතින ගැටළු විස`දීම සදහා අවශ්‍යතාවක් රජයට තිබේ නම් ඒ ස`දහා පොදු මහජනතාවගේ ආශීර්වාදය ලබාගැනීම ස`දහා එම යෝජනා ඉදිරි ප‍්‍රධාන මැතිවරණයක දී ඉදිරිපත් කොට ඊට ජනවරමක් ලබාගැනීම වඩා සුදුසු බව ද මෙම සමු`ඵව අවධාරණ කර සිටිම්හ.

මේ වගට ත්‍රෛයිනිකායික මහා සංඝරත්නය නියෝජනය කරමින්.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More