නව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීමේ කටයුතු මෙම මාසයේ දී ආරම්භ කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇති අතර ඒ සඳහා අදාළ නිර්ණායක සකස් කිරීමට කමිටුවක් පත්කිරීමට මැතිවරණ කොමිෂන් සභාව පියවර ගෙන ඇති බව නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේය.
මෙම පත්කරනු ලැබූ කමිටුවේ නිර්දේශ මැතිවරණ කොමිෂන් සභාවට ඉදිරිපත් කිරීමෙන් පසු එම නිර්ණායක අදාළ පාර්ශවවල දැනගැනීම සඳහා ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.
මේ අතර එම කොමිෂන් සභා රැස්වීමේදී තවත් කරුණු කිහිපයක් පිළිබඳව අවධානය යොමුව ඇති අතර කොමිෂන් සභාවේ එක් එක් සාමාජිකයා වෙත පවතින කාර්යභාරය සහ ඊට අදාළ කාර්යයන් ක්‍රියාත්මක කිරීම පිළිබඳව සහ ඒ ඒ කාර්යයන්වල නිශ්චිත වගකීම සහ අධීක්ෂණය පැවරීම ද මෙහිදී සිදුවුණි.
කොමිෂන් සභාවේ කාර්යභාරය පිළිබඳව පුළුල් අධ්‍යයනයක් කිරීම සහ ඒ අනුව විධිමත් කිරීම සඳහා විශේෂඥ දැනුම ඇති ආයතනයක් වෙත පවරා පූර්ණ වාර්තාවක් කෙටි කාලයක් තුළ ලබා ගැනීම සහ අදාළ ව්‍යුහාත්මක සංශෝධන සිදුකිරීමට ද මෙහිදී තීරණය වී තිබේ.
මෙම වසරේ දේශපාලන පක්ෂ ලේකම්වරුන්ගේ පළමු රැස්විම ජනවාරි මස 11 වන දින පෙරවරු 10.00ට සහ මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල රැස්වීම එදිනම පස්වරු 02.30 ට පැවැත්වෙනු ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...