දේශීය පුවත්

සේවක අර්ථසාධක අරමුදලේ දායක මුදල් ගෙවීම පැහැර හැරීමේ නඩු දහසයදහසක් (16000) මේ වනවිට මහෙස්ත්‍රාත් අධිකරණවල ගොඩ ගැසී ඇති බව කම්කරු අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

මේ හේතුවෙන් අර්ථසාධක පැහැර හැරීමේ නඩු ඉදිරියේදී කම්කරු විනිශ්චය සභාව වෙත යොමුකිරීමට තීරණය කර තිබේ. එමගින් ඉක්මනින් මුදල් අයකරගැනීම සඳහා 1958 අංක 15 දරණ සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීමටද පියවර ගෙන ඇතැයි කම්කරු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා ප්‍රකාශ කරයි.
එසේම සේවකයකු ආයතනයක සේවයට බැඳී මාස හයක් ඇතුළත අර්ථසාධක අරමුදලේ ලියාපදිංචිය අනිවාර්ය කිරීමට ද නීති ගෙන එන බව ඇමැතිවරයා කීවේය.

කෙසේ වෙතත් කොවිඩ් වසංගතය හේතුවෙන් ආර්ථික දුෂ්කරතාවන්ට මුහුණපෑමට සිදු වූ ආයතන ගණනාවක් සිය අර්ථසාධක දායක මුදල් ගෙවීම් සඳහා සහන කාලයක් ඉල්ලා ඇත. එබැවින් ඔවුන් ඉදිරිපත් කරන ඉල්ලීම් පිළිබඳව සුපරික්ෂාකාරීව පරික්ෂා කර බලා හිඟ දායක මුදල් ගෙවීමට සහන කාල පරාසයක් ලබාදීමට කටයුතු කරන බව කම්කරු කොමසාරිස් ජනරාල් නීතිඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති පවසයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More