දේශීය පුවත්

අභියාචනාධිකරණය රිෂාඩ් බදියුදීන්ට ලබාදුන් තීන්දුවට අනුව විල්පත්තුව, කල්ලාරු රක්ෂිතයේ පැළ සිටුවීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතුව පවතින පැළ කිසිසේත් ප්‍රමාණවත් නොවන බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.‍ෙ

මේ නිසා අලුතින් පැළ වගා කිරීමට සිදුවන බවද එම දෙපාර්තමේන්තුව කියා සිටී.

පැළ සිටුවීමට වැයවන වියදමට තක්සේරු වාර්තාව මෙමස 16 වැනිදා පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ට බාරදීමට නියමිත බවද පැවැසේ. දැවැන්ත වන විනාශයක් සිදු කරන ලද කල්ලාරු රක්ෂිතයේ නැවත පැළ සිටුවීම සඳහා වැයවන මුදලට අදාළ තක්සේරු වාර්තාව සකස් කිරීම සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පසුගියදා කමිටුවක් පත් කරනු ලැබීය. එම කමිටුව කල්ලාරු රක්ෂිතයේ පරිසර හානිය නිරීක්ෂණය කළ බවත්, ඒ අනුව හානිය තක්සේරු කිරීම මේ දිනවල සිදු කරන බවද වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව කියයි. රක්ෂිත කලාපයේ අලුතින් සිටුවන පැළ අවම වශයෙන් වසර පහකට වැඩි කාලයක් රැක බලාගැනීමට සිදුවන බවත්, ඊට අදාළ සම්පූර්ණ වියදම මන්ත්‍රීවරයාගෙන් අයකර ගැනීමට සිදුවන බවත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසුවේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More