රටේ වර්තමාන තත්වය හේතුවෙන් විදෙස් රැකියාවල නියුතුවුවන්ගේ පැමිණිලි, අන්තර්ජාලය ඔස්සේ යොමු කිරිමට පහසුකම් සලසා දී ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරනවා.
මේ අනුව විදෙස්ගත ශ්‍රමිකයාට හෝ ඔහුගේ පවුලේ ඥාතියෙකුට අදාළ ශ්‍රමිකයාගේ පැමිණිල්ල විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වෙබ් අඩවියට ලබා දියහැකි වනවා.
ඒ අනුව www.slbfe.lk වෙබ් අඩවියට පිවිස ඔන්ලයින් කම්ප්ලේන් මෙනුව හරහා යොමුකිරීමට හැකියාව ලබා දී ඇත. විදෙස්ගත ශ්‍රමිකයාගේ ගමන් බලපත්‍ර අංකය, නම, දුරකථන අංකය හා පැමිණිල්ල ඇතුළත් කිරීමෙන් එම සේවාව ලබා ගත හැකි බව දැනුම් දී තිබේ.
මෙහිදී පැමිණිලි සඳහා අදාළ පැමිණිලිකරුට යොමු අංකයක් ඒ මොහොතේම තම ජංගම දුරකථනයට කෙටි පණිවිඩයක් මඟින් ලැබෙනවා. අනතුරුව පැමිණිල්ල කාර්යාංශයේ නියමිත අංශයට යොමු වු පසුව ඒ පිළිබඳව ද දන්වමින් නැවත ජංගම දුරකථනයට කෙටි පණිවිඩයක් ලබා දීම සිදුවනවා.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...