ප‍්‍රධාන පුවත්

යුද අපරාධ චෝදනා ගැන විමර්ශනය කරන එක්‌සත් ජාතීන්ගේ ප්‍රධාන බලධාරියා වන පැබ්ලෝ ඩී ග්‍රෙයිප් මෙම සතියේදී මෙරටට පැමිණෙනු ඇත.ඔහුව මෙරටට එවන්නේ මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන්ය.

ලබන 10 වැනිදා සිට 23 වැනිදා දක්‌වා ඔහු මෙරට රැඳී සිටිනු ඇත.

සංක්‍රාන්ති අධිකරණය පිළිබඳ නිසි බලධාරී ලෙස මානව හිමිකම් කවුන්සිලය හඳුන්වන ග්‍රෙයිප් ශ්‍රී ලංකාවේ නිල වශයෙන් සංචාරයේ යෙදෙන ප්‍රථම අවස්‌ථාව මෙයයි.

ශ්‍රී ලංකාවේ ආරක්‌ෂක හමුදාව ප්‍රතිසංස්‌කරණය කිරීම, නව ත්‍රස්‌ත මර්දන පනත නිරීක්‍ෂණය කිරීම හා හමුදාව යටතේ ඇති ඉඩම් විමර්ශනය කිරීම යන කරුණුද පැබ්ලෝ ඩී ග්‍රෙයිප්ගේ විෂය පථයට අයත්වේ.

පැබ්ලෝ ඩී. ග්‍රෙයිප්ගේ පැමිණීම කෙරේ කොටි ඩයස්‌පෝරාව සහ රාජ්‍ය නොවන සංවිධාන දැඩි ප්‍රසාදය පළකර තිබේ.

ඔහු රැඳවුම්භාරයේ සිටින කොටි ත්‍රස්‌තවාදීන් ගැන ද විමර්ශනය කෙරේ.

ඔහු විසින් කෙටුම්පත් කෙරෙන විමර්ශන වාර්තාව 2018 මාර්තු මස පැවැත්වෙන 37 වැනි ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කෙරෙනු ඇත.

දිවයින



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More