මුළු ලෝකයෙන්ම වදවී ගිය බවට තීරණය කර තිබියදී මධ්‍යම අධිවේගී මාර්ගයේ I කොටස ඉදිකිරීමේ සීමාවේදී හදුනාගත් ශ්‍රී ලංකා ලෙගුමේ හෙවත් Crudia Zeylanica යන විද්‍යාත්මක නාමයෙන් හදුන්වන ශාඛය වදවී ගිය ආවේනික ශාඛ විශේෂයක් බව පිලිගනිමින් නමුත් අදාල ශාඛය එකී ස්ථානයෙන්ඉවත් කර වෙනත් ස්ථානයක පුනස්ථාපනය කිරීම සදහා මැල්වත්ත ප්‍රොපටි ඩිවලොපර්ස් පුද්ගලික සමාගම වෙත පැවරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ විරුද්ධත්වයක් නොමැති බවට සදහන් කිරීම අභියෝගයට ලක්කරමින් එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එම්. ජී. සී. සූරියබණ්ඩාර වෙත එන්තරවාසියක් යවා තිබේ.
වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණේ ප්‍රධාන ලේකම් සහ එහි පරිසර අනු කමිටුවේ කැදවුම්කරු ඉංජිනේරු කපිල රේණුක පෙරේරා යන අයගේ උපදෙස් මත නීතීඥ කපිල ගමගේ විසින් යවා ඇති එම එන්තරවාසිය මගින් දක්වා ඇත්තේ වනසත්ව සහ වෘක්ෂලතා ආරක්ෂණ ආඥාපණතේ 8වන උපලේඛණය යටතට ගැනෙන ශාඛයක් ඉවත්කිරීම, ඉදිරීම, විනාශ කිරීම, අනතුරක් කිරීම හෝ හානි කිරීම කිසිම තැනැත්තකු විසින් නොකළ යුතු බවත් එවැනි යම් වරදක් සිදුකිරීමට තැත් කරන හෝ අනුබල දෙන තැනැත්තෙකුද එම වරදම සිදුකරන බවට අදාල පණතේ දක්වා ඇති බවත් ය. ඒ අනුව වනජීවී අධ්‍යක්ෂ ජනරාල් එම්. ජී. සී. සූරියබණ්ඩාර මහතා අදාල ලිපිය යොමු කිරීම මගින් තම රාජකාරිමය ක්ෂේත්‍රයට පටහැනි ලෙස බලය අතික්‍රමණය කිරීමක් සිදුකර ඇති බවත්, ශාඛය ඉවත්කිරීම සදහා විරුද්ධත්වයක් නොමැති බව ප්‍රකාශ කිරීම මගින් අදාල වරද සදහා අනුබල දීමක් ද සිදුකර ඇති බවත් ඒ අනුව අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊට පෞද්ගලිකව වගකිවයුතුවන බවත් එම එන්තරවාසියේ දක්වා තිබේ.
අදාල ලිපිය වහාම අවලංගු කර එය ආපසු කැදවීමටත්, එකී ලිපිය උපයෝගී කරගනිමින් අදාල ශාඛය අනාරක්ෂිත වන ක්‍රියාදාමය වහාම මැදිහත්ව නතර කරන ලෙසත්, අදාල ශාඛය සංරක්ෂණය කරන ලෙසත් එකී එන්තරවාසිය මගින් අවධාරණය කර ඇති අතර ඉහත කී ලිපිය ඉවත්කරගැනීමට කටයුතු නොකළහොත් සහ/හෝ වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ එම ලිපිය ක්‍රියාත්මකවීම හේතුවෙන් අදාල ශාඛයට යම්කිසි හෝ හානියක් සිදුවුවහොත් ඔහුට එරෙහිව අපරාධ නඩුවක් මෙන්ම පුද්ගලිකව නඩු පවරන බවද ඉංජිනේරු කපිල රේණුක පෙරේරා මහතා වැඩිදුරටත් දන්වා සිටී.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...