යුධ හමුදා මූලස්ථානයේ දී අද පෙරවරුවේ නව වසරේ රාජකාරි ආරම්භ කරමින් අදහස් දැක්වූ යුධ හමුදාපතිවරයා; මෝටර් රථ දෙපාර්තමේන්තුව විසින් මෙතෙක් ක්‍රියාත්මක කළ රියදුරු බලපත්‍රය නිකුත් කිරීම අද (01) දින සිට ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් භාරගෙන ඉදිරියට ක්‍රියාත්මක කරන බව සඳහන් කළේය.
එහිදී හමුදා නිළධාරීන් ඉදිරියේ වැඩිදුරටත් අදහස් දැක්වු යුධ හමුදාපතිවරයා,
“අදින් ඇරඹෙන වසරේ දීත් අප්‍රමාදව දැඩි කැපවීමෙන්, වගකීමෙන් යුතුව ඔබට පැවරෙන රාජකාරී ඉටුකළ යුතු බව අවධාරණය කර සිටිනු ලබනවා. යුධ හමුදා සාමාජිකයින් සතු නව පරිගණක තාක්ෂණික හැකියාවන් පිළිබඳව ඇති විශ්වාසය මත මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් මෙතෙක් ක්‍රියාකරනු ලැබු රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ කාර්යය ද අද පටන් අප විසින් බාර ගැනීමට නියමිත බව ඉතා සතුටින් දන්වා සිටිනු ලබනවා. රටේ ජාතික ආරක්ෂාවට නව අභියෝගයක් වු කොවිඩ් වසංගතයෙන් රටත් වාසය කරන ජනතාවත් ආරක්ෂා කර ගැනීමට මේ දක්වා රාජකාරි කළ ආකාරයෙන්ම රෝගය ශ්‍රී ලංකාවෙන් තුරන් වන තෙක් ඉදිරි වසරේදීත් ඔබ ක්‍රියාකරනු ඇතැයි මා බලාපොරොත්තු වෙනවා.“ යැයි පවසා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...