සියලුම පරිපාලන දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 25 දෙනෙකු කොවිඩ්-19 වෛරසයේ පාලන කටයුතු සම්බන්ධීකරණය සඳහා දිස්ත්‍රික් සම්බන්ධිකාරක නිලධාරීන් ලෙස පත්කර තිබෙන බව වාර්තාවේ.
ජනාධිපති ලේකම් කාර්යාලය විසින් අද (01) දින සිට බලපැවැත්වෙන පරිදි එම පත්වීම් ලබාදී තිබෙන්නේ යුද හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ නිර්දේශය මත බවද පැවසේ.
අලුතින් පත්වීම් ලැබුණු සම්බන්ධිකාරක නිලධාරීන්ට ජනාධිපති ලේකම් කාර්යාලය මගින් පැවරෙන වගකීම් අතර කොවිඩ්-19 වසංගත රෝගී තත්ත්වයන් හේතුවෙන් සාමාන්‍ය කටයුතුවලට ඇතිවන බලපෑම අවම කිරීම සඳහා කොවිඩ්-19 වෛරස තත්ත්වයන් හා සෘජුවම සම්බන්ධවන රෝග ව්‍යාප්තිය පාලනය, නිරෝධායන කටයුතු කිරීම, ඒ සඳහා අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සැපයීම, මෙන්ම වෙනත් හදිසි අවස්ථා හා අවශ්‍යතා කළමණාකාරණය පිණිස ජනාධිපති කාර්යාලය, ආර්ථික පුනර්ජිවනය හා දිළිඳුකම තුරන් කිරීමේ ජනාධිපති කාර්යසාධක බළකාය, සෞඛ්‍ය අමාත්‍යාංශය, ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යංශය ආදී ආයතනයන්හි සම්බන්ධිකරණ කටයුතු සිදුකිරීම යනාදිය අයත්වන බව පැවසේ. පත්කරණ ලද නිලධාරීන්,
උතුරු පළාත වෙනුවෙන්,
මේජර් ජෙනරාල් ඩබ්ලිව් ජි එච් ඒ එස් බණ්ඩාර – යාපනය
මේජර් ජෙනරාල් කේ එන් එස් කොටුවේගොඩ – කිලිනොච්චිය
මේජර් ජෙනරාල් ආර් එම් පී ජි රත්නායක – මුලතිව්
මේජර් ජෙනරල් ඩබ්ලිව් එල් පී ඩබ්ලිව් පෙරේරා – වවුනියාව
මේජර් ජෙනරල් ඒ ඒ අයි ජේ බණ්ඩාර ආර්ඩබ්ලිව්පි ආර්එස්පී යුඑස්පී එන්ඩියු – මන්නාරම
උතුරු මැද පළාත වෙනුවෙන්,
මේජර් ජෙනරාල් ජේ සී ගමගේ – පොළොන්නරුව
මේජර් ජෙනරල් එච් එල් වී එම් ලියනගේ – අනුරාධපුරය
වයඹ පළාත වෙනුවෙන්,
මේජර් ජෙනරාල් ඒ පී අයි ප්‍රනාන්දු – පුත්තලම
බ්‍රිගේඩියර් පී එම් ආර් එච් එස් කේ හේරත් – කුරුණෑගල
බස්නාහිර පළාත වෙනුවෙන්,
මේජර් ජෙනරාල් කේ ඩබ්ලිව් ආර් ද ආබෲ – කොළඹ
මේජර් ජෙනරාල් එන් ආර් ළමාහේවා – ගම්පහ
බ්‍රිගේඩියර් කේ එන් ඩි කරුණාපාල – කළුතර
මධ්‍යම පළාත වෙනුවෙන්,
මේජර් ජෙනරාල් එච් පී එන් කේ ජයපතිරණ – නුවරඑළිය
මේජර් ජෙනරාල් එස් එම් එස් පි බි සමරකෝන් – මහනුවර
මේජර් ජෙනරාල් එස් යු එම් එන් මානගේ – මාතලේ
සබරගමුව පළාත වෙනුවෙන්,
බ්‍රිගේඩියර් ජේ එම් ආර් එන් කේ ජයමාන්න – රත්නපුර
බ්‍රිගේඩියර් එල් ඒ ජේ එල් බී උදෝවිය – කෑගල්ල
නැගෙනහිර පළාත වෙනුවෙන්,
මේජර් ජෙනරාල් සී ඩි වීරසුරිය – ත්රි කුණාමලය
මේජර් ජෙනරාල් ටි ඩි වීරකෝන් – අම්පාර
මේජර් ජෙනරාල් සී ඩි රණසිංහ – මඩකලපුව
ඌව පළාත වෙනුවෙන්,
බ්‍රිගේඩියර් ඊ ඒ පී එදිරිවිර – බදුල්ල
කර්නල් ඩි යු එන් සේරසිංහ – මොනරාගල
දණුණු පළාත වෙනුවෙන්,
මේජර් ජෙනරාල් ඩි එම් එච් ඩි බණ්ඩාර – හම්බන්තොට
මේජර් ජෙනරාල් ඩබ්ලිව් ඒ එස් එස් වනසිංහ – ගාල්ල
කර්නල් කේ ඒ යු කොඩිතුවක්කු – මාතර
ලෙස වන බව පැවසේ.
![]()
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...