දේශීය පුවත්

කොළඹදී අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසා සිටියේ මෙරට ජනගහනයෙන් සියයට 20 කට කොවිඩ් එන්නත මෙම වසර මුලදී ලබා දීමට හැකිවනු ඇති බවයි.

ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ කොවිඩ්19 වෛරසයට එරෙහි එන්නත් පිළිබඳව මෙම වසර ලෝකයේ ජනතාවට විශාල බලාපොරොත්තුවක් තබාගත හැකි වසරක් බවයි.

එහිදී ඔහු වැඩිදුරටත් පවසා සිටියේ “2021 වර්ෂය ලෝකයේ ජනතාවගෙන් විශාල ප්‍රමාණයකට කොවිඩ්19 වෛරස් එන්නත් ලබා දීම පිළිබඳ යම්කිසි බලාපොරොත්තු උදා කරණු අති බව අප විශ්වාස කරණවා. 2020 වසරේ අවසානය වන විට අමෙරිකාව, මහා බ්‍රිතාන්‍ය ඇතුළු රටවල් ගණනාවක හදිසි තත්ත්වයක් යටතේ පාවිච්චි කිරීමේ අවසරය මත එන්නත් ලබාදීම සිදුකරමින් පවතිනවා. අපේ රට තුළට මේ එන්නත් ලබා ගැනීමටත් එන්නත් අපේ රටට කොතරම් දුරට සුදුසු ද, ඒ කුමන එන්නතක් සුදුසු ද , ඒ එන්නත ලබා ගන්නේ කෙසේ ද යන්න පිළිබඳව මේ වන විට අධ්‍යයනය කරමින් පවතිනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු ආයතන කිහිපයක් සම්බන්ධ වී කටයුතු කරන කොවැක්ස් පහසුකම යටතේ අපේ රටේ ජනගහණයෙන් සියයට 20කට සමාන පිරිසකට අවශ්‍ය එන්නත් මේ අවුරුද්දේ මුල් භාගයේ දී අපිට නොමිලේ ලැබෙන බව අපිට සහතික කර තිබෙනවා.” යනුවෙනි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More