දේශීය පුවත්

වී මිලදී ගන්නා ව්‍යාපාරික මහතෙකු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට කර තිබූ පැමිණිල්ලකට අනුව වී අලෙවි මණ්ඩලයේ ගබඩා කොට ඇති වී මෙට්‍රික් ටොන් 30,000 ක් විකිණීමේ ක්‍රියාවලියේ දී වංචනික ලෙස කටයුතු කර ඇති ප්‍රාදේශීය කළමනාකරු කිළිනොච්චිය ප්‍රදේශයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.

එම පැමිණිල්ලට අනුව රත්නායක නැමති ප්‍රාදේශීය කළමනාකරුවෙකු වී කිලෝ ලක්ෂ 12 ක් මිලදී ගැනීමේ දී එක් කිලෝවකින් රු. 03 බැගින් කොමිස් මුදල් ලබාගන ඇති අතර ඉතිරි වී ප්‍රමාණය මිලදී ගැනීමට ද තමන්ගෙන් කොමිස් ඉල්ලා සිටින බව එම ව්‍යාපාරික මහතා අමාත්‍යවරයාට දන්වා තිබේ. ඒ අනුව මේ පිළිබඳව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පසුගිය 24 වනදා පැමිණිලි කර ඇත.

පැමිණිල්ලට අනුව ක්‍රියාත්මක වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද දින කිළිනොච්චියේ දී අල්ලස් මුදල්ද සමඟින් අදාල ප්‍රාදේශීය කළමනාකරු අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත. පසුගිය රජය සමයේ දී බිලියන ගණනක් රජයට අහිමි කරමින් සත්ත්ව ආහාර වලට බව පවසමින් වී අලෙවි මණ්ඩලයේ මහා පරිමාණ වංචාවන් සිදු වූ අතර ඊට සම්බන්ධ වූ නිලධාරීන් දැනටත් වංචාවන් වල නිරත වන අතර, මෙම නිලධාරියා ද එවැනිම පුද්ගලයෙක්.

මහ කන්නයේ වී මෙට්‍රික් ටොන් ලක්ෂ 03 ක් වී අලෙවි මණ්ඩලය හරහා මිලට ගෙන හාල් මාෆියාවට එරෙහිව රජය වී සංචිතයක් පවත්වා ගැනීමට කටයුතු කර තිබෙනවා. ඒ සඳහා ගබඩා හිස් කිරීමේ කටයුතු සඳහායි වී මෙට්‍රික් ටොන් 30,000 අලෙවි කිරීමට උපදෙස් ලබාදී තිබුනේ. ඊට මුවා වෙමින් නාඩු කිලෝවකින් රු. 03 ක් සහ සම්බා කිලෝවකින් රු. 10 ක් ලෙස කොමිස් මුදල් ඉල්ලමින් මෙම සැකකරු වී අලෙවි කිරීමේ කටයුතු වල නිරත වූ බවට අදාල ව්‍යාපාරිකයා කෘෂිකර්ම අමාත්‍යවරයාට පැමිණිලි කර තිබෙනවා.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More