කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාව සෞඛ්‍ය අංශ විසින් නිරෝධායනයට ලක්කර ඇතැයි පළවන වාර්තා පදනම් විරහිත බව කථානායක මාධ්‍ය අංශය පවසා සිටී.
ඒ අනුව,කථානායක මාධ්‍ය අංශය ප්‍රකාශ කරන්නේ කථානායකවරයා අද (01) සුපුරුදු පරිදි රාජකාරි කටයුතු සඳහා වාර්තා කරන බවයි.
කථානායකවරයාගේ ආරක්ෂාව සඳහා අනුයුක්ත කළ නිලධාරියෙකුට පසුගිය දිනක කොවිඩ්-19 වෛරසය ආසාදනයවී ඇති බව තහවුරු විය. එම නිලධාරියා හා සමීපව රාජකාරි කළ නිලධාරීන් පී සී ආර් පරීක්ෂණ වලට ලක් කර තිබුණි. කෙසේ වුවද පළමු පී සී ආර් පරික්ෂණය තුළින් ඔවුන් වෛරස ආසාදිතයින් නොවන බව සෞඛ්‍ය අංශ විසින් තහවුරු කර ඇති අතර එම නිලධාරින් දින 14ක කාලයක් ස්වයං නිරෝධායන සඳහා යොමු කරන ලෙස එම අංශ වැඩිදුරටත් උපදෙස් ලබා දුන් බව කථානායක මාධ්‍ය අංශය පවසයි.
ඒ අනුව කථානායකවරයාගේ ආරක්ෂාව සඳහා වෙනත් නිලධාරීන් කණ්ඩායමක් යොදවා ඇති බව බව කථානායක මාධ්‍ය අංශය වැඩිදුරටත් පවසා සිටී.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...