දේශීය පුවත්

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා මාධ්‍යය වෙත පවසා සිටියේ කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් නිෂ්පාදනය කර ඇති කොරෝනා මර්දන ඖෂධය රජයේ රෝහලක භාවිත කරමින් සායනික පර්යේෂණ සිදුකිරීමට තීරණය කර තිබෙන බවයි.

එහිදී වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා වැඩිදුරටත් පවසා සිටියේ එළැඹෙන සදුදා වන විට ඒ සදහා අනුමැතිය ලබාදීමට නියමිත බවයි.

ධම්මික බණ්ඩාර මහතා නිෂ්පාදනය කළ කොරෝනා ඖෂධය සඳහා ආයුර්වේද ආචාර ධර්ම කමිටුව විසින් අනුමැතිය ලබාදුන් ලේඛන මේ වනවිට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරය වෙත ලබා දුන් බවද ආයුර්වේද දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසා සිටී.
ඒ සම්බන්ධයෙන් අප කළ විමසුමක්ට වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පිළිතුරු දෙමින් පවසා සිටියේ,දැනට එම ලේඛන සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත යොමුකර ඒ ගැන පුළුල් අධ්‍යනයක් සිදු කරමින් තිබෙන බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More