දේශීය පුවත්

කොවිඩ් ආසාදිත මුස්ලිම් මෘතදේහ භූමදානය කිරීමට අවසර දෙන්නේ ද යන්න ගැන අවසන් තීරණයක් ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශයට අද (31) රැස්වූ සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් පත්කළ කමිටුව සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය ඇමතිනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය විසින් පත්කරනු ලැබූ කමිටුව යන විශේෂඥ කමිටු දෙකෙහිම සාමාජිකයින් අවසන් තීන්දුවක් නොමැතිවම විසිර ගිය බව වාර්තා වේ.

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් එම කමිටු රැස්වීම පැවැත්විණි.

මේ අතර, කොවිඩ් ආසාදිත මුස්ලිම් මෘත දේහ ආදාහනය කිරීමට විරෝධය පළ කරමින් “සීලෝන් තවුහිද් ජමාත් සංවිධානය” ප්‍රමුඛ තවත් මුස්ලිම් සංවිධාන කිහිපයක් අද (31) පෙරවරුවේ බොරැල්ල පොදු සුසාන භූමිය ඉදිරිපිටදී විරෝධතාවයක නිරත වූ අතර මෙම උද්ඝෝෂණයට එරෙහිව විරෝධතාවයක් පැවැත්වීම සඳහා “අපේ ජනබල පක්ෂයේ” කොළඹ දිස්ත්‍රික් නායක ඩෑන් ප්‍රියසාද් ඇතුළු පිරිසක් ද එම ස්ථානයට පැමිණ තිබුණි.

පසුව විරෝධතාවය සිදුනොකරන ලෙස දන්වමින් අධිකරණ නියෝග 2ක් සහිතව එතැනට පැමිණි පොලිස් නිලධාරීන් එය දෙපාර්ශ්වයේම විරෝධතාකරුවන්ට ඉදිරිපත් කිරීමට කටයුතු කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More