දේශීය පුවත්

ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකත්වය දරමින් ජාතික ජන බල මෙහෙයුමේ කළුතර දිස්ත්‍රික් අපේක්ෂකයෙකු ලෙස පසුගිය මහමැතිවරණයට ඉදිරිපත්වී පරාජයට පත්වූ ප්‍රජා සෞඛ්‍යය විද්‍යාව සම්බන්ධව විශේෂඥ වෛද්‍යයවරයෙකු ලෙස සේවය කර විශ්‍රාම ගොස් සිටින වෛද්‍යය නිහාල් අබේසිංහ මහතා ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍යයවරුන්ගේ විද්‍යාලයේ සභාපතිවරයා ලෙස කටයුතු කරයි.

ඒ මහතා මාධ්‍යයට නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ කොවිඩ්19 වෛරසය ආසාදනය නිසා මිය යන පුද්ගලයන්ගේ අවසන් කටයුතු ඔවුන්ගේ ඥාතීන්ගේ කැමැත්ත අනුව භූමදානය හෝ ආදාහනය කිරීමට ඉඩ දිය යුතු බවයි.

මේ සම්බන්ධයෙන් ප්‍රජා සෞඛ්‍යය විද්‍යාව සම්බන්ධව දැනටමත් කටයුතු කරන වෛද්‍යයවරයෙකු අප වෙත පවසා සිටියේ නිහාල් අබේසිංහ මහතා තමන්ගේ ප්‍රජා වෛද්‍යය විද්‍යාව පිළිබඳ දැනුම පසෙක තබා ආණ්ඩුව අමාරුවේ දැමීමට දාර ලනු දෙමින් සිටින බවයි. කෙසේ වුවද එම වෛද්‍යයවරයා පවසා සිටියේ ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍යයවරුන්ගේ විද්‍යාලයේ සාමාජිකයන් එහි සභාපතිවරයා ආණ්ඩුවට දීමට සැරසෙන දාර ලනුව ආණ්ඩුව ගිල්ලොත් සමස්ත රටේ ජනතාවටම සිදුවන දැවැන්ත හානිය සම්බන්ධයෙන් වගකීම ගන්නවාද නැතිද යන්න පිළිබඳව ප්‍රසිද්ධියේ අදහස් දැක්විය යුතු බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More