මුස්ලිම් අන්තවාදය සම්බන්ධයෙන් අධ්‍යයනයක නිරත වුනු ඔස්ට්‍රේලියාවේ පදිංචි චාමින්ද විජේකෝන් නම් ශ්‍රී ලාංකිකයෙකු විසින් ප්‍රබල විවරණයක යෙදේ. ඔහුට අනුව මුස්ලිම් අන්තවාදයට දෙන ඕනෑම විකල්ප විසඳුමකින් සිදු වන්නේ නැවත වටයකින් (සමහර විට අවසාන වටයෙන්) සිංහලයන් ඇතුළු සමස්ත ශ්‍රී ලාංකික ජාතියම විනාශයට ලක්වීම මිස අනෙකක් නොවේ. යම් ප්‍රමාණයක නව නීති පැනවීමක් සහ පවතින නීති ක්‍රියාත්මක වීමක් සිදු විය යුතු නමුත් අරාබිකරණය සහ වහබ්වාදය පරාජය කිරීම සඳහා මුස්ලිම් සමාජය තුලින් ක්‍රියාත්මක විය යුතු පුළුල් සමාජ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියකින් තොරව ඒ කිසිවක් ප්‍රායෝගික වන්නේද යන්න සැක සහිත බව ඔහු නගන තර්කයයි. ඔහු පවසන්නේ මෙය ජාතිවාදයක් හෝ ආගම්වාදයක් නිසා කළ යුතු දෙයක් නොව සියලු ජාති ආගම් වලට අයත් සියලුම මනුෂ්‍යයන්ට ලක් පොළොවේ නිදහසේ තම ආගම් අදහමින් ජීවත් විය හැකි වීම සඳහා “මෛත්‍රී සහගත පරාක්‍රමය” පෙරටු කොට ගෙන කල යුත්තක් බවයි.
චාමින්ද විජේකෝන් විසින් ලියන ලද ලිපිය පුරවැසි කොළමේ පළවේ…
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...