දේශීය පුවත්

සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කර සිටින්නේ යුක්රේනයෙන් පැමිණෙන ලද සංචාරක අතරින් කිහිප දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වූවාට එම ව්‍යාපෘතිය නතර කිරීමේ කිසිදු අවශ්‍යතාවක් පැන් නොනගින බවයි.

එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් පවස්ස සිටියේ යුක්‍රේන සංචාරකයන් රටට ගෙන්වන ලද්දේම කොරෝනා ආසාදනය වීමක් සිදුවුවහොත් ඒ සම්බන්ධයෙන් ගන්නා පියවර ගැන පූර්ව සූදානමක් ඇති බවයි.

එහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් “මෙම සංචාරක කණ්ඩායම කිසිදු අයුරකින් මෙරට ජනතාව සමග සම්බන්ධ වීමක් වන්නේ නැහැ. ඒ නිසා ඔවුන්ගෙන් කොරෝනා පොකුරක් ඇති වේ යැයි බිය විය යුතු නැහැ.එම සංචාරකයන් මෙරට සිටින කාලය අතරතුර නවතින හෝටල් වල සියලුම සේවකයන්ද දින දාහතරක් නිරෝධායන කාලයකට ලක්කරනව. සංචාරකයන් රැඳී සිටින කාලයේදීත් නිරෝධායනයේ දීත් එම සේවකයන්ට පිට වීමට අවස්ථාවක් නැහැ. ඒ නිසා සංචාරකයන් ගෙන්වීම කිසිසේත්ම නවත්වන්නේ නැහැ. එය සැළසුම් කළ පරිදි දිගටම ක්‍රියාත්මක කරනවා.” අමාත්‍යයවරයා අවධාරණය කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More