ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි මහතා මාධ්‍ය සාකච්ඡාවක් පවත් වමින් පවසා සිටියේ කොරෝනා ආසාදිත මුස්ලිම් මෘතදේහ භූමදානය නොව ආදාහනය කළ යුතු යැයි කිව හැක්කේ මුසම්මිල් වැනි පරයෙකුට පමණක් බවයි.
එහ්දී වැඩිදුරටත් අදහස් දක්වමින් අසාද් සාලි මහතා පවසා සිටියේ මුසම්මිල් එසේ කීවද ඔවුනට එසේ කිව නොහැකි බවයි.
ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා පවසා තිබුණේ කොරෝනා ආසාදිත මළ සිරුරු ආදාහනය සෞඛ්‍යමය ගැටලුවක් නිසා සෞඛ්‍යමය මග පෙන්වීම අනුව කටයුතු කිරීම අනිවාර්යයෙන් සිදු කළ යුතු බවයි.
කොවිඩ් ආසාදනයෙන් මිය යන මුස්ලිම්වරුන්ගේ මළ සිරුරු ආදහනය කරනවාද භූමදානය කරනවාද යන පැනයට විග්‍රහාත්මක පිළිතුරක් සැපයූ මුස්ලිම් විද්වතෙකු පවසා සිටියේය. ඉස්ලාම් භක්තිකයන්ගේ ශුද්ධ වූ ග්‍රන්ථය වන අල් කුරානයට අනුව, මිය ගිය බැතිමතෙකුගේ දේහය ආදාහනය කිරීමෙන් ඔහුට හෝ ඇයට ස්වර්ගයට යාමේ අවස්ථාව අහිමි වන්නේ නැති බවයි.
ඉස්ලාම් භක්තිකයන්ගේ භූමදානය යනු සිංහල බෞද්ධයන්ගේ පාංශුකුලය, හින්දු සහ කතෝලික බැතිමතුන්ගේ අවමංගල චාරිත්‍ර, මෙන්ම තනිකරම “ආගම හා බැඳුනු සම්ප්‍රදායික සංස්කෘතිකංගයක්” පමණක් බව ඔහු අවධාරනය කර සිටියේය. ඔහු ඉදිරිපත් කරණ අදහස ඉස්ලාමීය වියතුන් විසින්ම පවත්වාගෙන යන පහත වෙබ් අඩවියෙහි ඉතා පැහැදිලිව දැක්වේ.
Is cremation prohibited in the Quran?
තවද ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ ඉස්ලාම් භක්තිකයෙකුගේ මළ සිරුරු අවසන් කටයුතු වතාවත් හතරක් අනුව සිදුකරණු ලබන බවයි.
ඒවා නම්, 1)ජනාසාව හෙවත් මළ මිනියේ සියළු අපිරිසිදු දේ(නජිස් )ඉවත් කොට නෑවීම. 2)කෆන් කිරීම හෙවත් මළ මිනියට සුදු ඇඳුම් ඇන්දවීම 3)ජනාසා සලාතය හෙවත් ආගමික කටයුතු කිරීම 4) මිහිදන් කිරීම යන කාරණාය.
ඔහුට අනුව මිහිදන් කිරීම හැර ඉතිරි කාරනා තුනම කොවිඩ් ආසාදිතව මියගිය අයෙකුට කෙසේවත් කළ නොහැකිව තිබියදී මුස්ලිම් ජන සමාජය මෙලෙස අවුසන්නේ තමන් වෙනස් බලවත් එකමුතු ජනකොටසක් බව සෙසු ජනයාට පෙනවා දීමටත් එමගින් තම අන්තවාදී ආක්‍රමනශීලීභාවය පවත්වාගෙන යාමටත් බවය. ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ අන්තවාදී මුස්ලිම් ආක්‍රමණයේ නැගී සිටීමට කොවිඩ් ආසාදනයෙන් මියයන මුස්ලිම්වරු භූමදානය කිරීම කෙසේ හෝ අනුමත කරගැනිම අත්‍යාවශ්‍ය කාරණයක් බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...