යුක්‍රේනයෙන් පැමිණි සංචාරක කණ්ඩායමට අයත් සමාජිකයන්ගෙන් තවත් තිදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදිත වී ඇතැයි සෞඛ්‍යය අමාත්‍යාංශය නිවේදනය කර සිටී.
ඒ අනුව යුක්‍රේන සංචාරක කණ්ඩායමේ සාමාජිකයන් 6 දෙනෙකු මේ වන විට කොරෝනා රෝගීන් බවට හඳුනා ගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
යුක්‍රේනයේ සිට මත්තල ගුවන් තොටුපලට සංචාරකයන් 180 දෙනෙකු රැගෙන ගුවන් යානය පැමිණුනේ දෙසැම්බර් 28 වනදායි. දෙවැනි යුක්‍රේන සංචාරක කණ්ඩායමට සංචාරකයන් 204 දෙනෙකු අයත් විය.
මෙතෙක් ශ්‍රී ලංකාවේ සෞඛ්‍යය අංශ අනුගමනය කළේ කොවිඩ් වෛරසය ආසාදිතයෙකු හමුවුවහොත් ආසාදිතයාගේ පළමු පෙළ ආශ්‍රිතයන් නිරෝධායනයට ලක් කිරීමය. එහෙත් මෙම සංචාරක කණ්ඩායම සම්බන්ධයෙන් එවැනි නීතියක් ක්‍රියාත්මක් කිරීමක් දක්නට නොලැබෙන බවට චෝදනා එල්ලවන බව පැවසේ.
සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ නම සඳහන් කිරීමට අකමැති වූ ව්‍යාපාරිකයෙකු ලංකා ලීඩ් වෙත සඳන් කළේ යුක්‍රේනයේ වැසියන්ට රුසියාවට සහ බෙලෝ රුසියානු රටවලට ඇතුළු වීම තහනම් කර ඇති බවත් යුරෝපයේ බොහෝ රටවල දේශ සීමා වසා තැබීමට කටයුතු කර තිබියදී මෙවැනි “සංචාරක ලෙඩුන්” රැගෙන එන්නේ කුමන අරමුණකින්දැයි පැහදිලි නැති බවත්ය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...