දේශීය පුවත්

සංචාරක ව්‍යාපාරය නැවත ආරම්භ කරමින් යුක්රේනයෙන් මෙරටට පැමිණි පිරිස අතරින් තිදෙනකු කොරෝනා රෝගීන් බවට වාර්තා වීම පිළිබඳව අදහස් දක්වමින් විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක ලක්‍ෂමන් කිරිඇල්ල මහතා පවසන්නේ කවුරුත් දන්නා විදිහට යුක්රේනයේ දවසකට 200 ක් පමණ කොවිඞ් නිසා මිය යන බවත් ලංකාවේ කොරෝනා දෙවැනි රැල්ල ආරම්භ වීමටත් හේතු වූයේ යුක්රේන ජාතිකයන් බවත් ආණ්ඩුව මේවා දැනගෙනත් ලෝකයට පෙනෙන්න සංචාරකයින් මෙරටට ගෙන්වා රට අනතුරේ දමමින් සිටින බවත්ය.

ලෝකයට පේන්න ලෝකයට ෂෝ එකක් දාන්න හිතාගෙන ආණ්ඩුව කරන මේ වගේ වැඩවලින් විපතට පත් වෙන්නේ රටේ අහිංසක ජනතාව බව මතක තබා ගත යුතුයි. මොකක්ද මේ හදිසිය කොරෝනාවලට බෙහෙතක් හැදුවට පසුව මේ පියවරට ගියා නම් ප‍්‍රශ්නයක් නැහැ. මෙහෙම ගියොත් වෙන්නේ කොවිඞ් නව ප‍්‍රභේදයත් දන්නෙම නැතිව ලංකාවට ඇතුළු වීමයි. නිරපරාදේ රට අනතුරේ දාන්න එපා කියා විපක්‍ෂයේ අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා යැයිද කිරිඇල්ල මහතා වැඩිදුරටත් පවසා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More