දේශීය පුවත්

වාරිමාර්ග (ජල කළමනාකරණ) අධ්‍යක්‍ෂ ධර්මදාස අබේසිරිවර්ධන මහතා පවසන්නේ දිවයිනේ ප‍්‍රධාන ජලාශ සහ මධ්‍යම ජලාශවල ජලධාරිතාව සියයට 52ක් දක්වා පිරී තිබෙන බවත් ජලාශ හතක ජල ධාරිතාව සම්පූර්ණ වී රාජාංගනය, දැදුරුඔය, යාන්ඔය, පරාක‍්‍රම සමුද්‍රය, කළුගල්ඔය, රිදියගම ජලාශ ජලයෙන් පිරී තිබෙන බවත් ඒ අනුව මාස් කන්නයේ වී වගාව සඳහා ප‍්‍රමාණවත් ජලය ජලාශවල තිබෙන බවත්ය.

ඉදිරි යල කන්නයේ වගාව සඳහා මෝසම් වැසි ප‍්‍රමාණවත් ලෙස නොලැබුණහොත් අවිනිශ්චිත බව පවසන අධ්‍යක්‍ෂවරයා බුරාවි සුළි කුණාටුවෙන් සහ සකී‍්‍රය වූ මෝසම් වැසි මිලි මීටර් 25ත් 150ත් අතර ප‍්‍රමාණවලින් ජලාශ ආශි‍්‍රත කලාපවලට ලැබුණ බව ද පවසා සිටී.

ප‍්‍රධාන ජලාශ හතක හැර සෙසු ජලාශවල මිලි මීටර් 200 ඉක්මවූ වැසි ජලය ගබඩා කර ගත හැකියාව පවතින බව පැවසූ අබේසිරිවර්ධන මහතා සකී‍්‍රය වූ මෝසම් වැසි ඉදිරි දිනවල දී අපේක්‍ෂා කරන බවත් දිවයිනේ ජලාශ රැසක ජලධාරිතාවය සියයට 34ක මට්ටමේ පවතින බවත් ප්‍රකාශ කරයි.

රටේ ප‍්‍රධාන ජලාශ 73ක් සහ මධ්‍යම ජලාශ 161ක් ඇති අතර ඉදිරි යල කන්නයේ ජලාශ යටතේ වගාව සඳහා තිබෙන ජලය වඩාත් ප්‍රවේශමෙන් කළමනාකරණය කර පරිහරණය කළයුතු බව අවධාරණය කළ අධ්‍යක්‍ෂවරයා ප‍්‍රමාණවත් වැසි නොලැබුණහොත් යල කන්නය සඳහා ජලය අපේක්‍ෂා කළ නොහැකි බව අවධාරණය කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More