දේශීය පුවත්

එක්සත් ජාතික පක්ෂයේ නායක වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු සම්බණ්ධව ලබා දී තිබූ ප්‍රතිඥාව ඉටු නොකිරීමට විරෝධය පාමින් තමා ඇතුළු පසුපෙළ මන්ත්‍රීන් විසිදෙනෙකු පමණ පිරිසක් අග්‍රාමාත්‍යවරයා සම්බණ්ධ වන රැස්වීම් වර්ජනය කිරීමට තීරණය කර ඇතිබව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසයි.

මෙලෙස වර්ජනයට සහභාගීවන පිරිස දිවිහිමියෙන් අගමැතිවරයා ආරක්ෂාකල නොයෙක් අසාධාරණකම් වලට ලක්වූ පිරිසක් බව එතුමිය සඳහන් කළ අතර පක්ෂ නායකත්වයෙන් මිස අගමැති ධූරයෙන් ඉල්ලා අස්වීමට බල නොකරන බව ද වැඩිදුරටත් කියා සිටියා ය.

“විශ්වාසභංගයට මුහුණ දෙන කොට අගමැතිතුමාගේ චරිතයේ වෙනස්වීම් අපි දැක්කා. අපි ඒක විශ්වාස කළා. ඒ විශ්වාසය මත අපි හැමදෙනාම අගමැතිතුමා වෙනුවෙන් එදා නැගී සිටියා.”

ඒ අවස්ථාවේ අගමැති රනිල් වික්‍රමසිංහ විසින් පක්ෂ ප්‍රතිසංවිධාන සඳහා සජිත් ප්‍රේමදාස, රුවන් විජේවර්ධන සහ ජේ.සී. අලවතුවල ඇමතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් කමිටු කිහිපයක් පත්කරන ලද බව සිහිපත් කරන කොළඹ දිස්තික් මන්ත්‍රීවරිය, තමන් ද එවැනි එක් කමිටුවක සාමාජිකත්වය දැරූ බවත් සඳහන් කළාය.

රුවන් විජේවර්ධන කමිටුවෙහි නිර්දේශ මත පක්ෂයේ සියළු නිලතල පක්ෂ අභ්‍යන්තර ඡන්ද විමසීමක් මගින් පත්විය යුතු අතර ඒ සඳහා පක්ෂ ව්‍යවස්ථාවේ ඉඩකඩ නොමැතිනම් ව්‍යවස්ථා සංශෝධනයක් කිරීම සුදුසු බව එතුමියගේ අදහසයි.

මෙම විරෝධතාව මගින් තමා කිසිදු තනතුරක් බලාපොරොත්තු නොවන බවත් මොන විනය පරීක්ෂණ කලත් සිය අරගලය අත්නොහරින බවත් මන්ත්‍රීවරිය දැඩිව කියා සිටියා ය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More