දේශීය පුවත්

දෙමළ ජාතික සන්ධානයට බළය හිමි යාපනය මහ නගර සභාවේ 2021 වර්ෂයට අදාළ අයවැය කියවීම දෙවැනි වරටත් පරාජයට පත්වී බහුතර බළයක් කිසිවෙකුට නොමැතීවීම හේතුවෙන් යාපනය මහ නගර සභාවේ නව නගරාධිපතිවරයා පත් කිරීම සඳහා ජන්ද විමසීම උතුරු පළාත් පාලන කොමසාරිස් ෆැට්‍රික් නිරන්ජන් මහතාගේ ප්‍රධානත්වයෙන් (29) දින පැවැත්විණි.

එහිදී යාපනය මහ නගර සභාවේ නව නගරාධිපති ලෙස දෙමළ ජාතික මහජන පෙරමුණ නියෝජනය කළ නීතිඥ විශ්වලිංගම් මනිවන්නන් මහතා වෙත ජන්ද 21 ක්ද, මහ නගර සභාවේ හිටපු නගරාධිපති වු දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී (ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂයෙන් තරඟ කළ) එමානුවේල් ආනෝල්ඩ් මහතා වෙත ජන්ද 20 ක්ද හිමිවු අතර, එහිදි වැඩි එක් ජන්දයක් ලබා ගනිමින් යාපනය මහ නගර සභාවේ නව නගරාධිපති ලෙස දෙමළ ජාතික මහජන පෙරමුණ නියෝජනය කළ නීතිඥ විශ්වලිංගම් මනිවන්නන් මහතා ජයග්‍රහනය කරන ලදි.

නව නගරාධිපතිවරයා තේරීමේ ජන්ද විමසීමේදී දෙමළ ජාතික මහජන පෙරමුණ නියෝජනය කළ නීතිඥ විශ්වලිංගම් මනිවන්නන් මහතා වෙත ඊ.පි.ඩි.පි පක්ෂයේ මන්ත්‍රීවරු දසදෙනකු, දෙමළ ජාතික මහජන පෙරමුණ පක්ෂයේ මන්ත්‍රීවරු දසදෙනකු හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එක් මන්ත්‍රීවරයකු ඡන්දය ප්‍රකාශකොට තිබූ අතර හිටපු නගරාධිපති එමානුවේල් ආර්නෝල්ඩ් මහතා වෙත දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු 15 දෙනෙකු, එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් තිදෙනෙකු, දෙමළ නිදහස් පෙරමුණ මන්ත්‍රීවරයකු හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරයකු පක්ෂව ඡන්දය ප්‍රකාශකොට තිබූණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More