දේශීය පුවත්

ඔක්තෝබර් මසදී ජපාන රජය විසින් ප්‍රකාශයට පත් කළ; 2050 වසරේදී කාබන් මධ්‍යස්ථ රටක් බවට පත්විමේ ඉලක්කය ජයගැනීම සඳහා ස්වභාව ධර්මය සඳහා වන ලෝක පදනමේ (World Wide Fund for Nature) ජපන් ශාඛාව විසින් ක්‍රියාකාරී සැලැස්මක් එළි දක්වා ඇත.

නිශ්චිත කාල සටහනකට අනුව එරට බළශක්ති ප්‍රතිපත්තියේ ප්‍රබල වෙනස්කම් සිදු කරමින් ක්‍රියාත්මක කිරීමට නියමිත මෙම සැලැස්ම පිළිබඳව එම පදනමේ ප්‍රතිපත්ති විශ්ලේශිකාවියක් වන කොනිෂි මසාඔකෝ පවසන්නේ සැලැස්මේ 2030 ඉලක්කයන් ජයගැනීම සඳහා ජපානයේ කාබන් වායූන් විමෝචනය පහත හෙලීමේ වත්මන් ක්‍රියාකාරකම් වඩාත් සීඝ්‍ර කරමින් කටයුතු කළ යුතු බවයි.

වත්මන් විදුලි පද්ධතිය ගල් අඟුරු සහ න්‍යෂ්ඨික බළයෙන් තොර විදුලි පද්ධතියක් බවට පරිවර්තනය කිරීම සැලසුම් කිරීම සඳහා එම පදනම විසින් දැනටමත් තාක්ෂණික පද්ධති පර්යේෂණ ආයතනය ( Research Institute for Systems Technology ) නමින් පෞද්ගලික ආයතනයක් පිහිටුවා ඇති අතර එමගින් එරට වාර්ෂික කාලගුණ වාර්ථා අධ්‍යයනය කරමින් රට පුරා සූර්‍ය සහ සුළං බළ ශක්ති නිපැයුම් මධ්‍යස්ථාන 842ක් සැලසුම් කර ඇත.

එවැනි පුණර්ජනනීය විදුලි සම්පාදනයන් හරහා රටේ විදුලි බළ ශක්ති අවශ්‍යතාවයන්ගෙන් 50%ක් 2030 වසර වනවිට සපුරා ගැනීම අරමුණු කර ගනිමින් ඔවුන්ගේ ක්‍රියාකාරකම් ඉදිරියට ගෙන යමින් සිටී.

වැඩිදුර තොරතුරු පහත ලින්ක් එකෙන්

http://www3.nhk.or.jp/nhkworld/en/news/backstories/1436/



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More