සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් කොරෝනා මෘත දේහ පිළිබඳව තීරණය කිරීමට හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් අනිල් ජාසිංහ මහතා පත්කල කමිටුව තිබියදී හොර රහසේ තවත් කමිටුවක් පත්කර ඇති බව ආරංචි මාර්ග පවසයි.
පවිත්‍රා වන්නිඅරච්චි මහත්මිය විසින් පත් කළ කමිටුවේ සභාපතිවරිය ලෙස මහාචාර්ය ජෙනිෆර් පෙරේරා මහත්මිය කටයුතු කරනු ලබන බවද පැවසේ. ජෙනිෆර් පෙරේරා මහත්මිය වෛරස් පිළිබඳ විශේෂඥවරියක් නොවන අතර කොරෝනා වෛරසය සම්බන්ධ බරපතළ ගැටලුවක් ඇති වී ඇති මොහොතක ඒ සම්බන්ධ කමිටුවක සභාපති ලෙස කටයුතු කිරීමට ඇයට ඇති වෘත්තීමය සහ සදාචාරාත්මක අයිතියක් නැති බව සෞඛ්‍යය අංශ වල විද්වතුන්ගේ මතය වී ඇති බවද පැවසේ. එසේම ඇය කොරෝනා මරණ භූමදානය කිරීම පිළිබඳව දැඩි පක්ෂපාතී ස්ථාවරයක සිටින මහාචාර්යවරියක් නිසා, මෙම කමිටුවේ සභාපති ලෙස කටයුතු කිරීම වෘත්තීය ආචාර ධර්ම ද උල්ලංඝණය කිරීමක් බව විද්වතුන්ගේ මතයයි.
මහාචාර්ය ජෙනිෆර් පෙරේරා වැනි අයකුගේ පත්වීම සම්බන්ධයෙන් සැක සහිත තත්වයක් මතුවන්නේ ඇය වෛද්‍යවරුන් සම්බන්ධ වෘත්තිකයන්ගේ සංගමයක 2020 දෙසැම්බර් 21 වෙනි දින පැවති මහා සභා රැස්වීමකදී , කමිටු සාමාජිකාවක් වශයෙන් කොරෝනා මෘතදේහ භූමදානය කිරීම අනුමත කරමින් යෝජනාවක් සම්මත කිරීමට උත්සාහ ගත් බව ද වාර්තා වීම නිසායි.
තවද ප්‍රතිශක්තිය සම්බන්ධ මහාචාර්යවරියක් ද කමිටුවට පත් කර ඇති බව වාර්තාවේ. මේ අතර ඉතා විශ්වාස දයක ආරංචි මාර්ගයක් මගින් පැවසෙන්නේ ජෙනිෆර් පෙරේරා මහාචාර්යවරිය එක්තරා ආගමික සංවිධානයක වෛද්‍යවරුන් සම්බන්ධ සංගමයක සාමාජිකයෙකු ලෙස ක්‍රියාශීලී කාර්යභාරයක් ඉටුකරණ බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...