ප‍්‍රධාන පුවත්

තම රටේ කෝටියක ජනතාවකට කොවිඩ් එන්නත් නොමිලයේ ලබාදීම අරමුණු කරගනිමින් වෙනිසියුලා ජනාධිපති නිකලස් මදුරෝ රුසියාවේ රජය සමඟ Sputnik V එන්නත ලබාගැනීම සඳහා වන ගිවිසුමකට ඊයේ (29) දින අත්සන් කළ බව නිවේදනය කර සිටී.

එන්නත් ලබාදීමේ පළමු වටය 2021 මුල් කාර්තුවේදී අවසන් කිරීමට බලාපොරොත්තු වන බව ද කොළොම්බියානු, පෘතුගීසි, ඉතාලි සහ වෙනිසියුලානු සියලු දෙනාට කිසිදු ජාති ආගම් භේදයකින් තොරව එය නොමිලයේ ලබාදෙන බවද ඔහු වැඩිදුරටත් නිවේදනය කර සිටී.

නමුත් කොලොම්බියා සැලසුම වන්නේ වෙනිසියුලානු ආගමණිකයින් 900,000ක් බැහැර කර එම රටේ එන්නත් වැඩපිළිවෙල ඉදිරියට ගෙන යෑමටයි.

රුසියානු ජනාධිපති පුටින්ට සිය කෘතඥතාවය පළ කරමින් ඔහු සඳහන් කර ඇත්තේ මෙය පසුගිය මාස කිහිපයක වෙහෙසකර මෙන්ම ඉතා වගකීමෙන් සලකා බලා කරන ලද වැඩපිළිවෙලක ප්‍රතිඵලයක් බවයි.

ඔක්තෝබර් මාසයේ සිට එරටදී සිදු කළ පර්යේෂණාත්මක අත්හදා බැලීම් ඉතා සාර්ථක බවත් එහිදී කිසිදු අහිතකර යමක් වාර්තා වී නොමැති බැවින් එන්නත කෙරෙහි ප්‍රභල විශ්වාසයක් තැබිය හැකි බවත් ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර සිටී.

මෙම එන්නත් ලබාදීම කොවිඩ් පැරදවීමේ ජයග්‍රහණයක් වුවද ජනතාව අනුගත වූ සෞඛය ආරක්ෂණ සංස්කෘතිය දිගටම ආරක්ෂා කරගෙන ඉදිරියට ගෙනයන ලෙස ඔහු තම රටවැසියන්ගෙන් ඉල්ලාසිටී.

එමෙන්ම මෙම ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට සහභාගී වූ එරට උප ජනාධිපතිනී ඩෙල්සි රොද්‍රිගුවස් වෙනිසියුලාවට එරෙහි ඇමරිකානු සම්බාධක සිහිපත් කරමින් පවසන්නේ “තම රටට අදාල ස්වාධීන තීන්දු ගැනීමේ පූජනීය අයිතියට කිසිවෙකුට බාධා කළ නොහැකි” බවයි. එම සම්බාධක පැනවීම සාපරාධී ක්‍රියාවක් බව ඔවුන්ගේ චෝදනාවයි.

වැඩිදුර තොරතුරු පහත ලින්ක් එකෙන්
https://www.rt.com/news/511063-sputnik-vaccine-venezuela-deal/



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More