දේශීය පුවත්

සෞඛ්‍යය අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසා සිටින්නේ දෙසැම්බර් 28 වන දින යුක්‍රේනයේ සිට මෙරටට පැමිණි පළමු සංචාරක කණ්ඩායමේ පිරිසෙන් තිදෙනෙකු කොවිඩ් 19 වෛරසය ආසාදිතයන් බවට පී සී ආර් පරීක්ෂණ වලින් තහවුරු වී ඇති බවයි.

මේ අනුව එම තිදෙනා කොවිඩ්19 වෛරසය ආසාදනය වූ විදේශිකයන් සඳහා සෞඛ්‍යය අමාත්‍යාංශය නිර්දේශ කර ඇති සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රියා මාර්ග ගැනීමට කටයුතු කර ඇති බවද වාර්තාවේ. කෙසේ වුවද එම ආසාදිතයන්ගේ පළමු පෙළ ස්පර්ශකයන් වන අනෙක් සංචාරකයන් සම්බන්ධව ගන්නා ක්‍රියා මාර්ග පිළිබඳව සෞඛ්‍යය බළධාරීන් මෙතෙක් කිසිවක් ප්‍රකාශයට පත් කර ඇති බවක් වාර්තා නොවේ.

යුක්‍රේනයේ සිට පැමිණෙන දෙවන සංචාරක කණ්ඩායම ඊයේ (29 ) මත්තලින් ශ්‍රී ලංකාවට ගොඩ බැස ඇති අතර එම පිරිස සංචාරකයන් 204 දෙනෙකුගෙන් සමන්විතය.

සංචාරක පිරිස කොග්ගල සහ බෙන්තොට ප්‍රදේශයේ පිහිටි හෝටල් ආශ්‍රිතව ලැඟුම් ගැනීමට කටයුතු සූදානම් කර ඇති බව සංචාරක අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More