දේශීය පුවත්

බි‍්‍රතාන්‍යයෙන් මුල්වරට හඳුනාගත් කොවිඞ් -19 වෛරසයෙහි නව ප‍්‍රභේදය වැළඳුණු රෝගීන් හය දෙනකු ඉන්දියාවෙන් හමුවී ඇති බව වාර්තාවේ.

ඉන්දියාවට පසුගිය මාසය තුළ බි‍්‍රතාන්‍යයේ සිට මගීන් 33,000ක් පමණ පැමිණ ඇති අතර, ඔවුන්ගෙන් 114 දෙනකු කොරෝනා ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇති බවත් ඉන්දීය සෞඛ්‍ය අංශ පවසා සිටී.

ඉන්දීය සෞඛ්‍යය බලධාරින් වැඩිදුරටත් පවසන්නේ මෙම රෝගීන් වෛද්‍ය මධ්‍යස්ථාන වෙත යොමු කෙරෙන අතර ඔවුන් සමග සමීප සබඳතා පැවැත්වූ අය සහ පවුල්වල සාමාජිකයන් සොයා එම පිරිස් නිරෝධායනයට යොමු කිරීමට කටයුතු කරන බවයි .

එංගලන්තයේ දකුණු දිග ප‍්‍රදේශයෙන් පසුගිය සැප්තැම්බර් මාසයේ දී මුල්වරට හඳුනාගත් මෙම කොරෝනා වෛරසයේ නව ප‍්‍රභේදය මෑත කාලයේදි ලන්ඩන්, ගිණිකොන දිග එංගලන්තය සහ එංගලන්තයේ නැගෙනහිර ප‍්‍රදේශ දක්වා ද ව්‍යාප්ත වුනු බව විදෙස් වාර්තා පවස සිටියෝය. කැනඩාව, ජපානය, ස්පාඤ්ඤය, ස්වීඩනය සහ ප‍්‍රංශය ඇතුළු ලොවපුරා රටවල් ගණනාවකින් කොරෝනා නව ප‍්‍රභේදය මේ වනවිට වාර්තා වී තිබෙන බව එම රටවල මාධ්‍යය වාර්තා කර තිබුණි.

චීනයේ වූහාන් හි ප‍්‍රථම වරට හමු වූ වෛරසය මේ වනවිට ලෝකයේ බොහෝ ස්ථානවලින් හමු නොවන අතර කොරෝනා වෛරස් ප‍්‍රභේද 17 ක් මේ වනවේට ඳුනාගෙන තිබෙන බව වාර්තා වේ.

මනුෂ්‍ය වර්ගයාගේ පැතුම



One thought on “බි‍්‍රතාන්‍යයෙන් මුල්වරට හඳුනාගත් කොවිඞ් -19 වෛරසය වැළඳුණු රෝගීන් හය දෙනකු ඉන්දියාවෙන් හමුවේ”

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More