දේශීය පුවත්

එක්සත් රාජධානියෙ රජය ෆයිසර් සමාගම නිෂ්පාදනය කළ බයෝ එන් ටෙක් එන්නතට අනුමැතිය දීමේදී ආසාදිතයා කරුණු 11ක් යටතේ එන්නත ලබා දීමෙන් ආරක්ෂා නොවන බවට ෆයිසර් සමාගම ඉදිරිපත් කළ කොන්දේසි වලට එකඟ වී ඇති බව පැවසේ.එක්සත් රාජධානියේ රජය ෆයිසර් සමාගම ආරක්ෂා කිරීම වෙනුවෙන් ගත් ක්‍රියා මාර්ග එරට රජයේ වෙබ් අඩවියේ පවා දැන්වීම් පළකර  එක්සත් රාජධානියේ පුරවැසියන් දැනුවත් කර ඇත.

එම නිවේදනයට අනුව ප්‍රධාන වශයෙන් ගැබිනි මව්වරුන්ට සහ ගැබ් ගැනීමට බළාපොරොත්තු වන කාන්තාවන්ට මෙම එන්නත ආරක්ෂාකාරී නොවේ. තවද මෙම එන්නත ලබාගැනීමෙන් කොවිඩ් වෛරසය නොවැළඳෙන බවට හෝ වැළඳුනහොත් ඔහුගෙන් හෝ ඇයගෙන් අන්‍යයන්ට සම්ප්‍රේෂණය වීමක් නොවන බවට සහතිකයක් ෆයිසර් සමාගම දී නොමැති බවද එම දැන්වීමෙන් කියවේ.

එයට අමතරව දැන්වීම මගින් කියවෙන්නේ එන්නත ලබාගැනීමෙන් පසු මව්කිරි ලබාදිය නොහැකි බවත් වඳභාවයට පත්වීමේ අණතුරක් ඇති බවත්ය. එන්නතෙන් ඇතිවන දීර්ඝකාලීන අතුරු ආබාධ, වෙනත් ඖෂධ ලබාගන්නා අයවළුන්ට ඇතිවිය හැකි අතුරු ආබාධ යන කරුණු සඳහා මෙන්ම අවුරුදු 16ට අඩු ළමුන් සඳහා මෙම එන්නත පරීක්ෂා කර බලා නොමැති බවද වැඩිදුරටත් දන්වා සිටී.

එන්නත ආසාත්මිකතාවයන් ඇති අයවලුන්ට ආරක්ෂාකාරී නොවන බවත් කුඩා ළමයින්ට සුදුසු නොවන බවත් අවධාරණය කර සිටී. මෙහිදී දැන්වීම මගින් කර ඇති වැදගත්ම අනාවරණය වන්නේ එන්නත ලබාගැනීමෙන් යම්කිසි ජීවිත හානියක් හෝ වෙනයම් ශාරීරික හෝ මානසික හානියක් සිදුවුවහොත් එරට රජය හෝ ෆයිසර් සමාගම කිසිදු වගකීමකට හෝ වගවීමකට නොබැඳෙන බවත් අවසාන වශයෙන් දැනුම් දී ඇත.

http://<a href=”https://www.gov.uk/government/publications/regulatory-approval-of-pfizer-biontech-vaccine-for-covid-19?fbclid=IwAR2L52Cv7dyCPr9ZNAxw3aH933qaWXBW9Sc0_BGsU7w5TxOqQER0owFxbkI”>https://www.gov.uk/government/publications/regulatory-approval-of-pfizer-biontech-vaccine-for-covid-19?fbclid=IwAR2L52Cv7dyCPr9ZNAxw3aH933qaWXBW9Sc0_BGsU7w5TxOqQER0owFxbkI</a>



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More