දේශීය පුවත්

උතුර-නැගෙනහිරට බීජ බෝම්බ

December 30, 2020 8:20 am | Lanka Lead News

උතුරු, නැගෙනහිර ප්‍රදේශවල සීග්‍රයෙන් සිදු වන වන විනාශය නැවැත්වීමට ගුවනින් බීජ බෝම්බ හෙළීමට කටයුතු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගුවන් හමුදාපතිවරයාට නියෝග ලබා දී ඇත.

රටපුරා සිදුවන වන විනාශය ගැන ගුවනින් නිරීක්ෂණය කර ලබාගත් දත්ත අනුව උතුර නැගෙනහිර දැවැන්ත වන විනාශයක් වන බවට ලබාදුන් වාර්තාවකින් පසු ජනපතිවරයා මෙම උපදෙස් ලබා දී තිබේ.

මේ අනුව එම ප්‍රදේශයට ආවේණික ශාක වර්ධන බීජ බෝම්බ ලෙස සකස් කර වන ඝනත්වය වැඩි කිරීම සඳහා ගුවනින් අතහැරීමේ මෙහෙයුමක් අරඹන බව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා පැවසීය.

ගුවන් හමුදාව මෙරට වන ඝනත්වය වැඩි කිරීමේ අරමුණින් මීට පෙර අදියර තුනකින් බීජ බෝම්බ අනූපන්දහසක් ගුවනින් හෙළා තිබිණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More