දේශීය පුවත්

උතුර සහ නැගෙනහිර පළාත් ඒකාබද්ධ කර පූර්ණ ලෙස බලතල විමධ්‍යගත කෙරෙන ෆෙඩරල් ව්‍යූහයේ විසඳුමක් සහිත ප්‍රාන්ත සභා ක්‍රමයක් ස්ථාපිත කළ යුතු බවට දෙමළ ජාතික සන්ධානය නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමේ විද්වත් කමිටුව වෙත යෝජනා කර තිබේ.

ගෙන එන නව ව්‍යවස්ථාව පූර්ණ ෆෙඩරල් විය යුතුයි.

පොලිස්, ඉඩම් බලතලත් ඉල්ලයි.

සිංහල, දෙමළ, ඉංග්‍රීසි තුනම රාජ්‍ය භාෂා හදිසි නීතිය පනවන බලය ප්‍රධාන ඇමැතිට

ප්‍රාන්ත කේන්ද්‍රකරගත් අධිකරණ යාන්ත්‍රණයක්

ප්‍රාන්ත සභා වෙත නීතිය හා සාමය, ඉඩම් ඇතුළු පූර්ණ බලතල විමධ්‍යගත කිරීමක් කළ යුතු බවත් පළාත් ආණ්ඩුවල පූර්ණ බලය ප්‍රධාන ඇමැතිවරයාට හිමි විය යුතු බවත් ආණ්ඩුකාරවරයා පත් කළ යුත්තේද මහ ඇමැතිවරයාගේ උපදෙස් මත බවත් දෙමළ ජාතික සන්ධානය එමගින් වැඩිදුරටත් අවධාරණය කර ඇත.
දෙමළ ජාතික සන්ධානය මගින් සකස් කළ පිටු 21කින් සමන්විත මෙම යෝජනාවලිය එම සන්ධානයේ දේශපාලන පක්ෂ ත්‍රිත්වයේම නායකයන්ගේ අනුමැතියෙන් විද්වත් කමිටුව වෙත ඊයේ (29 වැනිදා) භාර දී තිබිණි.

නව ව්‍යවස්ථාවෙන් සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයම රාජ්‍ය භාෂාවන් බවට නම් කළ යුතු යැයිද ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකිව යුතු යැයි ද යෝජනා කර ඇත. එම යෝජනාව මගින් ඇමැති මණ්ඩලය අගමැතිවරයාගේ උපදෙස් මත පත් කළ යුතු බවට ද ඇමැති මණ්ලයේ ප්‍රධානියා අගමැතිවරයා විය යුතු බවට ද යෝජනා කර තිබේ.

ඊට අනුව ප්‍රධාන ඇමැතිවරයාට ප්‍රාන්ත සභාවේ අවසරය සහිතව හදිසි නීතිය පැනවීමට හැකි විය යුතුය. පොලිසිය ද ප්‍රාන්ත ආණ්ඩු යටතේ පාලනය විය යුතුවේ. ප්‍රාන්ත කේන්ද්‍රගත වන ආකාරයේ ශක්තිමත් අධිකරණ යාන්ත්‍රණයක්ද විය යුතු බවට දෙමළ ජාතික සන්ධානය එම යෝජනාවලියෙන් තවදුරටත් යෝජනා කර තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More