දේශීය පුවත්

වැල්ලම්පිටිය, කුඩා බුද්ගමුවේ කාන්තාවක මියයාමෙන් පසු ඇයගේ පී.සී.ආර්. පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබීමට ප්‍රථම මාලිගාවත්ත මුස්ලිම් සුසාන භූමියේ දේහය භූමදානය කිරීම සම්බන්ධයෙන් වැල්ලම්පිටිය පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ ෆාතිමා සහිරියි නමැති කාන්තාවකි. ඉකුත් 24 වැනි දින මියගිය කාන්තාව භූමදානය කර ඇත්තේ 25 වැනි දිනය.

මේ සම්බන්ධයෙන් බුද්ගමුව වසම බාර ග්‍රාම නිලධාරිගෙන් ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර තිබේ.

මරණය ලියාපදිංචි කළ බව කියන වේල්ල වීදිය ප්‍රදේශයේ මරණ පරීක්ෂකවරයා සහ ග්‍රාමනිලධාරි ඇතුළු ඊට සම්බන්ධ කිහිප දෙනකුගෙන්ම පොලිසිය ප්‍රකාශ සටහන් කොට තිබේ.

එමෙන්ම එම නිවසෙහි සිටි මියගිය කතගේ පවුලේ සාමාජිකයන් හය දෙනකු නිරෝධායනයට ලක් කර ඇත.

මීට පෙර බේරුවලදී ද පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රතිඵල ලැබීමට පෙර මෙලෙසම මෘත දේහයක් භූමදානය කර තිබිණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More