ශ්‍රී පාද වන්දනා වාරය නිරෝධායන උපදෙස්වලට අනුකුලව ඊයේ (29) දින උදුවප් පොහෝ දිනයෙන් ආරම්භ කිරීම සදහා සියලු කටයුතු මේ වන විට සුදානම් කර ඇති බව ශ්‍රී පාදස්ථානාධිපති සබරගමුව පලාත ප්‍රධාන සංඝ නායක, ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති බෙන්ගමුවේ ධම්මදින්න හිමියෝ පැවසූහ.
ශ්‍රී පාද අවාරයේ ගල්පොත්තාවෙල ශ්‍රී පාද රජමහා විහාරස්ථානයේ තැන්පත් කර තිබු සාධාතුක කරඩුව, සමන් දේව ප්‍රතිමාව සහ දේව ආභරණ හැටන් මාර්ගය ඔස්සේත්, බලංගොඩ බගවන්තලාව මාර්ගය ඔස්සෙත්, රත්නපුර පලා බද්දල සහ රත්නපුර රජමාවත ඔස්සෙත් වැඩම කිරීම අද(28) උදෑසන ආරම්භ කෙරිණි.
රාජානුග්‍රහය ඇතිව රිය පෙරහැරවල් දෙකකින් බලංගොඩ බගවන්තලාව මාර්ගය ඔස්සෙත්, අව්ස්සාවේල්ල හැටන් මාර්ගය ඔස්සෙත් වැඩම කළ සධාතුක කරඩුව, සමන් දේව ප්‍රතිමාව සහ දේව ආභරණ අද පස්වරු 6.00 ට පමණ නල්ලතන්නිය බෞද්ධ මධ්‍යස්ථානය වෙත වැඩම කරන ලද අතර, ඉන්පසු යුද හමුදා කදවුරේ භට පිරිස් විසින් ශ්‍රී පාද උඩ මළුව දක්වා (28) දින වැඩම කිරිම ආරම්භ කරන ලදී.
ඊයේ (29) දින අලුයම උදුවප් පොහෝ දිනයේ සුභ නැකතක් අනුව චාරිත්‍රනුකුලව ශ්‍රී පාද වන්දනා සමය ආරම්භ කරන බවත්, නිරෝධායන නීති වලට ප්‍රමුඛතාවය ලබා දී ශ්‍රී පාද උඩ මළුවේ සිමිත පිරිසක් පමණක් සහභාගී කරවා ගන්නා බවත් ශ්‍රී පාදස්ථානාධිපති හිමියෝ කියා සිටියහ.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...