ප‍්‍රධාන පුවත්

Sputnik V එන්නත ආර්ජන්ටිනාවේ ජනතාවට ලබාදීම ආරම්භ කරමින් ආර්ජන්ටිනා ජනාධිපති ඇල්බර්ටෝ ෆර්නැන්ඩස් සඳහන් කර සිටින්නේ කොවිඩ් එන්නත සඳහා වන වෙළඳපොළ ඩොළර් බිලියන ගණනක් වන නිසාම ඒ පිටුපස දැවැන්ත වෙළඳ යුද්ධයක් සහ දේශපාලන බළ පොරයක් ඇති බවයි.

මෙම දේශපාලනික-වෙළඳ යුද්ධයේ තරඟකාරිත්වය හේතුවෙන් මේ වනවිටත් වෙනත් රටවල එන්නත් නිෂ්පාදකයින්ගේ දේශීය සහ විදේශීය ඒජන්තයින් විසින් මූළික වශයෙන් Sputnik V එන්නත කෙරෙහි ජනතාව තුළ අවිශ්වාසය, සැකය සහ බය ගොඩනැගීම අරමුණු කරගනිමින් Sputnik V එන්නතට එරෙහි මඩ ප්‍රචාර ආරම්භ කර ඇති බවත් තමන්ට එම මඩ ප්‍රචාර පිළිබඳ හොඳ අවබෝධයක් ඇති බවත් එරට TV Publica රූපවාහිනී වැඩසටහනකට සහභාගිවෙමින් ඔහු සඳහන් කර සිටියේය.

ඔවුන් වෙනත් රටවල එන්නත් එම එන්නතේ නමින් හැඳින්වූවද Sputnik V එන්නත හඳුන්වන්නේ රුසියානු එන්නත යනුවෙන් බව එහිදී ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

එක් එන්නතකට වඩා අනෙක් එන්නතක් හොඳ හෝ නරක යැයි කීමට තමා ඉදිරිපත් නොවන බවත් Sinovac, Astra Zeneca සහ Pfizer යන එන්නත් සම්බන්ධයෙන්ද දැනටමත් සාකච්ඡා කරමින් සිටින බවත් ඔහු ප්‍රකාශ කර ඇත.

මේ සියල්ලටම වඩා තමාට වැදගත් වන්නේ තම රටේ සෞඛ්‍ය අංශ අනුමත කරන්නේ නම් හැකි ඉක්මනින් තම වැසියන්ට කොවිඩ් එන්නත ලබා දීම බවත් Sputnik V එන්නත විශ්වාසවන්ත මෙන්ම රුසියානු බළධාරීන් විසින් එය ඉක්මනින් ලබාදුන් නිසා එම එන්නත තම රටේ ජනතාවට ලබා දීමට පියවර ගත් බවත් ඔහු අවසාන වශයෙන් ප්‍රකාශ කර තිබේ.

වැඩිදුර තොරතුරු පහත ලින්ක් එකෙන්

https://www.rt.com/viral/510979-argentina-vaccine-trade-war/



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More