ලෝකයෙන් තුරන් වුනා යැයි කියූ රතු දත්ත නාමාවලියේ පවා සඳහන්ව තිබුණු ශ්‍රී ලංකාවට ආවේනික කෘඩියා සිලනිකා නම් පැල දෙකක් සොයාගැනීමට අපේ පරිසර වේදීන් පිරිසකට හැකිව තිබේ. අවාසනාවකට මෙය මධ්‍යම අදිවේගී මාර්ගය සැදීමේදී ඉවත් කිරීමට නියමිත කොටසක වැවී ඇති පැලයක් බවයි වාර්තා වන්නේ. මෙය හමුවී තිබෙන්නේ කඩවත සිට මීරිගම දක්වා තිබෙන කොටසේයි.
1867දී මුලින්ම සොයාගෙන ඇති මෙම ශාඛයේ නියැදියක් 1911 වසරේදී නැවත සොයාගෙනඇති අතර ඉන්පසු මෙම ශාඛය පිලිබඳ කිසිඳු සටහනක් වාර්තා වී නොමැත. තවද මෙම ශාඛය 1988න් පසුව වඳවී ගිය ලෙස සැලකීමට කිසිඳු පදනමක්ද ඉදිරිපත් කර නොමැති වීම ඉතාමත් ගැටළු කාරී තත්වයක් බවයි වාර්තා වන්නේ.
කෙසේ වූවද 2006 රතු දත්ත නාමාවලියේ මෙම ශාඛය ලොවින් තුරන්ව ගිය ශාඛයක් ලෙස සඳහන් කර ඇති අතර 2012 ජාතික දත්ත නාමාවලියේ ද මෙය වඳවී ගිය ශාඛයක් ලෙස සඳහන් කර තිබේ.
තවද මෙම ශාඛය වෘක්ෂලතා හා වන සත්ව ආරක්ෂණ පනතේ 42 වෙනි වගන්තියට යටත්ව ආරක්‍ෂිත ශාඛයක් ලෙස වෙන්කොට ඇති බැවින් මෙම ශාඛය කපා ඉවත් කිරීම ඕනෑම අයෙකුට බළ පැවැත්වෙන පරිදි තහනම් වෙයි. මෙය කපා ඉවත්කිරීම තහනම් වන බැවින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට මෙම ශාඛය සම්බන්ධයෙන් විශාල වගකීමක් අනිවාර්‍යයෙන්ම පැවරෙයි.





ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...