දේශීය පුවත්

කොළඹ නුවර මහා මාර්ගයේ මාවනැල්ල හිගුල ප‍්‍රදේශයේ  ඇති බුදු මැදුරේ ඉදිපස විදුරුවකට පහර දිමෙන් අලාභාහනි සිදු වි ඇති බව මාවනැල්ල පොලිසිය පවසා සිටී.

පහර දිම කිසියම් අන්තවාදී පිරිසක් විසින් සිදු කරන්නට ඇති බව පොලිසියේ විශ්වාසයයි.මෙම බුදු මැදුරට මෙයට වසර දෙකකට පෙරද මෙලෙස පහර දි අලාභානි සිදු කර තිබුණි. මාවනැල්ල පොලිසිය පවසන්නේ සැකකරුවන් අත්අඩංගුවට ගැනිම සඳහා දැනටමත් පොලිසිය පරික්ෂණ ආරම්භ කර ඇති බවයි.

මේ අතර මාවනැල්ල පොලිස් බල ප‍්‍රදේශයේ අලූත්නුවර නගරයේ බුදු පිළිමයක් තැන්පත් කර ඇති කුටියක ඉදිපස විදුරුවකට පහර දිමෙන් විදුරුවට හානි සිදු වි ඇත. මීට දින තුනකට කලින් රාත‍්‍රී කාලයේ මෙම බුදු මැදුරේ විදුරුවට පහර දිම සිදු වි ඇති බවද ප‍්‍රදේශවාසීන් පොලිසියට ප්‍රකාශ කර ඇත.

මේ වන විට සිද්ධිය සම්බන්ධයෙන් මාවනැල්ල පොලිසිය විසින් ප‍්‍රදේශයේ පුද්ගලයන් කිහිප දෙනෙකුගෙන් කට උත්තර සටහන් කර ගෙන ඇති අතර පොලිසිය විසින් අද එම ප‍්‍රදේශයේ සි.සි.ටි.වි කැමරා පද්ධති කිහිපයක්ද නිරික්ෂණය කිරිමට සුදානම් කර ඇත.

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු වූ සහරාන්ගේ ක්‍රියාකාරකම් වල ආරම්භය සිදු වුයේ 2018 වසරේ අග භාගයේ බුදු පිළිම වලට පහර දීමත් සමඟ මාවනැල්ල ප‍්‍රදේශයෙනි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More