ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග වලට අනුව අධිකරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ අලි සබ්රි සිය අමාත්‍ය ධුරයෙන් හා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීම සඳහා වූ ලිපියක් අද (29) පෙරවරුවේ ජනාධිපතිවරයා වෙත යොමුකර ඇති බව වාර්තාවේ. කෙසේවුවද ජනාධිපතිවරයා විසින් එම ඉල්ලීම තරයේ ප්‍රතික්ෂේප කර ඇති බවද පැවසේ.
මුස්ලිම් මෘතදේහ භූමදානය කිරීම සඳහා ජනාධිපතිවරයාට බලපෑම් කිරීමේ අරමුණින් අධිකරණ ඇමතිවරයා මෙවැනි ලිපියක් යොමුකරන්නට ඇති බව තතු දත් ආරංචි මාර්ග පවසති.
අලි සබ්‍රි අමාත්‍යයවරයා පසු ගිය කාලය පුරාවටම කොවිඩ් ආසාදනයෙන් මිය යන මුස්ලිම්වරුන්ගේ දේහයන් ආදාහනය සම්බන්ධයෙන් අනවශ්‍යය බලපෑමක් එල්ල කරන බවට සමාජ මාධ්‍යය ජාලා වලින් මෙන්ම බහුතර ජනයාගෙන්ද දිගින් දිගටම චෝදනා එල්ල විය. එහිදී ඇතැමුන් තර්ක කරනු ලැබුවේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වූ පිරිස් පොලිස් අත් අඩංගුවට පත්වීම සිදු වීමට නියමිත බව පැහැදිලි වුනු කළ එම අන්තවාදී කොටස් වලට නැවත නැගී සිටීමට අලි සබ්‍රි මහතා ආණ්ඩුව තුලම හිඳිමින් මනා උත්තේජනයක් ලබා දෙමින් කටයුතු කරන බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...