දේශීය පුවත්

රස පරික්ෂක වාර්තාවේ සඳහන්වන ආකාරයට කොළඹ උපරිමාධිකරණ සංකීර්ණයේ ඇතිවූ ගින්න ඉන්ධන යෙදීමකින් හෝ විදුලි කාන්දුවකින් සිදුවී නොමැති බවත් භාවිතයෙන් පසු ඉවත් කරන ලද දුම්වැටියකින් ගින්න ඇති වූ බවට වන මතය බැහැර කළ නොහැකි බවත් පොලීසිය ප්‍රකාශ කරයි.

උපරිමාධිකරණ සංකීර්ණයේ සේවයේ නියුතු සුළු සේවකයින් කිහිපදෙනෙකු අදාළ පරිශ්‍රයේ රහසිගතව දුම්වැටි පානය කර ඇති බවට දැනට සිදුකර ඇති විමර්ශනවලදී අනාවරණ වී ඇති අතර ගින්න ඇතිවීමට බලපෑ බව කියන දුම්වැටි පානය කළ පුද්ගලයා කවුරුන්ද යන්න දීර්ඝ ලෙස විමර්ශනය කරන බව පොලීසිය සඳහන් කරයි.

මේ වනවිට අදාළ සිද්ධිය සම්බන්ධයෙන්, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායම් 3ක් මගින් විමර්ශන ක්‍රියාත්මක වන අතර දැනට අනාවරණ වී ඇති කරුණු සහ රස පරීක්ෂක වාර්තාවේ කරුණු පිළිබඳ අධිකරණයට කරුණු වාර්තා කර ඇති බව, පොලීසිය ප්‍රකාශ කරයි.

පසුගිය 15 වැනිදා ගොඩනැගිල්ලේ බිම් මහලේ අබලි ද්‍රව්‍ය රැස්කර තිබූ ගබඩාවක මෙම ගින්න හටගත් අතර ගින්නෙන් එම ගබඩාවට හැර ලේඛනාගාරයට හෝ වෙනත් දේපොළකට හානි සිදුව නොමැත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More