ප‍්‍රධාන පුවත්

ජර්මනියේ Strlsund නගරයේ වැඩිහිටි ආරක්ෂක නිවාසයක සාත්තු සේවකයින් 08 දෙනෙකුට අත්වැරදීමකින් පස් ගුණයක අධිමාත්‍රාවෙන් Pfizer එන්නත ලබාදීම හේතුවෙන් රෝගී වූ 04 දෙනෙකු කොවිඩ් රෝග ලක්ෂණ පහල කිරීම නිසා රෝහල් ගත කර ඇති බව ජර්මනියෙන් වාර්තා වෙයි.

මයික්‍රොග්‍රෑම් 30ක මාත්‍රාව පරීක්ෂණ අවධියේදී මයික්‍රොග්‍රෑම් 100ක අධිමාත්‍රාවෙන් ලබාදී කරන ලද පරීක්ෂණ වලදී හානියක් සිදුවී නොමැති බව Pfizer එන්නතේ නිෂ්පාදකයින් පැවසූවද අත්වැරදීමෙන් හෝ මයික්‍රොග්‍රෑම් 150ක් මෙහිදී ලබාදී ඇති නිසා තත්වය කෙසේ වේදැයි දැන්ම ප්‍රකාශ කළ නොහැකි බව වාර්තා වේ.

-70C අධිශීත තත්වයක අනිවාර්‍යයෙන් ගබඩා කළ යුතු මෙම එන්නත ප්‍රවාහනයේදී එම අධිශීත තත්වය ප්‍රායෝගිකව පවත්වාගැනීමට නොහැකි වීම හේතුවෙන් මතු වූ ගැටලු නිසා බැවේරියා ප්‍රාන්තයේ මෙම එන්නත් 1000ක් නැවත හරවා යවා ඇති අතර දැනටමත් සමහර දිස්ත්‍රික්ක වල Pfizer එන්නත ලබාදීම අත්හිටුවා ඇත.

මේ අතර මතුවී ඇති නව තත්වයන් හමුවේ යුරෝපා සෞඛ්‍ය බළධාරීන් විවිධ විවේචනාත්මක මත ප්‍රකාශ කිරීම ආරම්භ වී තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More