දේශීය පුවත්

පටු දේශපාලන වාසි තකා විවිධ ප්‍රකාශ සිදු කරමින් ජනතාවගේ මොළ සේදීම තවදුරටත් නොකළ යුතු අතර සෞඛ්‍ය අංශවලට ස්වාධීනව අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට දේශපාලන අධිකාරිය ඉඩ දිය යුතු බව කොවිඩ් ආසාදනය වී මිය යන අයගේ සිරුරු ආදාහනය කරනවාද? භූමදානය කරනවාද? යන කාරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජ.වි.පෙ. මධ්‍යම කමිටු සාමාජික, හිටපු පාර්ළිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ පවසනවා.

මෙම ගැටලුව නිරාකරණය කළ හැක්කේ සෞඛ්‍ය අංශයේ විශේෂඥයන්ට පමණක් බැවින් තවදුරටත් දේශපාලකයන් ඒ ගැන පටු මත ප්‍රකාශ කිරීම සිදු නොකළ යුතු බවත් මෙය සම්පූර්ණයෙන්ම සෞඛ්‍ය අංශයේ විශේෂඥයන්ගේ කටයුත්තක් වන හෙයින් ඔවුන් දෙන තීන්දුව කඩ කිරීමට ජනතාව මැළිකමක් නොදක්වනු ඇති බවත් ඔහු සඳහන් කර තිබෙනවා.

ඔහු තව දුරටත් ප්‍රකාශ කර සිටින්නේ; තවත් ප්‍රමාද නොකර ආදාහනය හා භූමදානය කිරීම පිළිබඳ ගැටලුව විද්‍යාත්මක ක්‍රමවේදයකට විසඳා එහි පදනම රටට නිල වශයෙන් ප්‍රකාශ කිරීම සෞඛ්‍ය අංශවල කාර්යයක් හා වගකීමක් බවත් මේ වනතෙක් ඊට කල් ගැනීම හොඳ තත්ත්වයක් නොවන බවත්ය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More