දේශීය පුවත්

මැදපෙරදිග රටකින් අරමුදල් ලැබෙනවා යැයි පැවසෙන නැගෙනහිර පළාත මූලික කරගෙන අලුතින් මුස්ලිම් අන්තවාදී සංවිධානයක් බිහි වී තිබෙන බව බුද්ධි අංශ විසින් අනාවරණය කරගෙන ඇති බව පුවත් වාර්තා පවසයි.

මෙම අන්තවාදී සංවිධානය බිහි කිරීමේ අරමුණ වන්නේ මුස්ලිම් ආගම විනාශ කිරීමට අනාගතයේ දී ශ්‍රී ලංකාවේ බිහිවෙන බව කියන නායකයෙකුට විරුද්ධව දැන් සිටම මුස්ලිම් ජනතාව දැනුවත් කිරීම බව බුද්ධි අංශ අනාවරණය කරගෙන තිබෙන බව එම පුවත් වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි. ඒ අනුව අදාල සංවිධානය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ පවත්වා ගෙන යමින් සිටින බවද පැවසේ.

හඳුනාගත් අදාල නව අන්තවාදී සංවිධානයේ නායකයා ලෙස වෛද්‍යවරයෙකු කටයුතු කරන බවටත් දැනට එහි සාමාජිකයන් 30 දෙනෙකු පමණ සිටින බවටත් තොරතුරු හෙළි කරගෙන ඇති බවද පැවසේ. සංවිධානයේ ප්‍රවර්ධන කටයුතු අන්තර්ජාලය ඔස්සේ ක්‍රියාත්මක බවද පැවසේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More