සති අන්ත පුවත්පතක් සමග සිදු කළ සම්මුඛ සාකච්ඡාවකදී; ජනාධිපතිවරයා සහ ඒ වටා සිටින පිරිස් සම්බන්ධයෙන් විවේචනාත්මක අදහස් පල කරමින් බන්දුල ගුණවර්ධන වෙළඳ ඇමතිවරයා ජනාධිපතිවරයාට උපදෙස් දෙන ප්‍රබල අදෘෂ්‍යමාන බලවේගයක් සිටින බවත්, “මම වෙළඳ ඇමතිවුනාට ආර්ථික මධ්‍යස්ථාන මට නැහැ. වෙළඳ ඇමතිට අදාල විෂයයන් ඉවත් කරලා.” “නායකයන්ට ප්‍රසස්ති ගයන වන්දිබට්ටකම් කරන ආවතේවකම් කරන ‘අපේ ලොවට පායන හිරුද සඳුද ඔබය’ කියලා කියන වලල්ලක් තියෙනවා.” “අයවැය ලේඛනයෙන් අමාත්‍යාංශයට මුදල් වෙන් කිරීම ගැන ඇහුවේ මගෙන් නෙවෙයි. අමාත්‍යංශ ලේකම්ගෙන්. මා එක්ක කිසිම සාකච්ඡාවක් කළේ නැහැ.” “හුඟදෙනෙක් කතා කරන්නේ නැහැ. ඇමතිකම නැතිවෙයි කියලා” ආදී වශයෙන් විවේචනාත්මක අදහස් පළකර තිබේ.
සතොස සීනි සහ පොල්තෙල් බදු වංචාව හෙළිවීමෙන් පසු රට තුළ ඇති වූ ආන්දෝලනයත් සමග බන්දුල ගුණවර්ධන ඇමතිවරයා යම් ප්‍රමාණයකට විවේචනාත්මක මත පල කිරීමට පටන්ගෙන තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...