ජාතික සංවිධාන සම්මේලනය , සිංහල රාවය, ජාතික සංවිධාන එකමුතුව , සිංහලේ අපි ,සිංහලේ සහ බෞද්ධ තොරතුරු කේන්ද්‍රය යන සංවිධාන විසින් අද උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා පාගමනින් පැමිණියේ කොරෝනා වෛරසය ආසාදනයෙන් මිය යන සියළු ජාතිකත්වයන්ට අයත් පුද්ගලයන්ගේ දේහයන් ආදාහනය කිරීමට අදාලව නිකුත් කර ඇති ගැසට් නිවේදනයේ ප්‍රකාරව කටයුතු කරන්න යන ඉල්ලීම ජනාධිපතිවරයාට දන්වනු පිණිසය. එහිදී ඉහත සංවිධාන වලට අයත් ගිහි පැවිදි පිරිස් විශාල පිරිසක් රැස්ව සිටි අතර පිරිස අතර සිටි ඉස්ලාම් බැතිමෙතෙකු මාධ්‍යයට අදහස් දක්වමින් පෙන්වා දුන්නේ කුරානයේ දක්වා ඇත්තේ රටේ නීතියට පලමුව අවනත වී කුරානයේ නීති වලට අවනත වන ලෙස පැහැදිලිව දක්වා තිබෙන බවයි. කෙසේ වුවද මුස්ලිම් ජාතිවාදී නායකයන් සහ දෙමළ සන්ධානයේ දෙමළ ජාතිවාදී නායකයන් මෙම රටේ ජාතිවාදය ඇවිස්සීමට කටයුතු කරන බව අවධාරණය කළේය.
එහිදි රැස්ව සිටි සංවිධාන වල නියෝජිතයන් විසින් ජනාධිපතිවරයා වෙත සන්දේෂයක් භාර දීමට ගිය අවස්ථාවේදි ජනාධිපති ලේකම් කාර්යාලයේ ආරක්ෂක නිළධාරින් සහ එම පිරිස් අතර උනුසුම් වචන හුවමාරු වීම්ද දක්නට ලැබුණි.එහිදී ජනාධිපති තුමාගේ පෞද්ගලික සහකාර සුගීස්වර සේනාධීර මහතා පිරිස රැගෙන ආ සංදේශය භාර ගැනීමට පැමිණ අතර ඔහුට භික්ෂූන් වහන්සේලා ඇතුළු පැමිණ පිරිස් වෙතින් දැඩි විරෝධයක් එල්ල විය. කෙසේ වුවද වෙනත් කටයුත්තක් වෙනුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණි සෞඛ්‍යය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මැතිණිය පිරිස රැගෙන ආ සංදේශය භාර ගැනීමෙන් අණතුරුව භික්ෂූන් වහන්සේලා ඇතුළු පැමිණ සිටි පිරිස් විසිර ගියහ.



ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...