කලා පුවත්

සිංහල සිනමාව ජාත්‍යන්තරයට ගෙන ගිය ශ්‍රීලාංකීය අද්විතීය සිනමාවේදී ආචාර්ය ලෙස්ටර්ජේම්ස් පිරිස් මහතා ඊයේ (29) රාත්‍රී අභාවප්ප්‍රාත විය. එම ආදාහන උත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වීමටජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේම උපදෙස් ලබා දී ඇත.

වර්ෂ 1919අප්‍රේල් මස 05වන දින දෙහිවල දී උපත ලැබූ ලෙස්ටර් ජෙම්ස් පිරිස් මහතා මියයන විට 99වන වියේ පසු විය.

ඔහු සුප්‍රකට සිනමාවේදී සුමිත්‍රා පීරිස් මහත්මියගේ ආදරණීය ස්වාමිපුරුෂයාද වෙයි.

කොළඹ ශාන්ත පීතර් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ඒ මහතා මුලදීම ඩේලි නිවස් පුවත්පතේ මාධ්‍යයවේදියෙකු ලෙස කටයතු කොට ඇත. පසුව ඔහු 1939 දී ටයම්ස් ඔෆ් සිලෝන් පුවත්පතෙහි ද මාධ්‍යයවේදියෙකු ලෙස සේවය කර තිබේ.

1947වසරේදී වැඩිදුර අධ්‍යාපනය සඳහා එංගලන්තයබලා පිටත්ව ගිය ඒ මහතා 1952වසරේදී නැවත මෙරටට පැමිණ නතම ආරක වෘතාන්ත චිත්‍රපටියක් නිර්මාණය කළ අතර 1956වසරේදී තිරගතවූ රේඛාව එම චිත්‍රපටයයි. මෙරටඑළිමහනේ රූගත කළ පළමු සිනමා පටය ලෙස වාර්තා ගත වන්නේද රේඛාවයි.

ඉන් පසුව විවිධ තේමාවන් පදනම් කර ගනිමින් සංදේශය, ගම්පෙරලිය, දෙලොවක් අතර, රන්සළු, ගොලු හදවත, අක්කරපහ, නිධානය, දෑසනිසා, මඩොල්දූව, අහසින් පොලොවට, වීර පුරන්අප්පු, බැද්දේගම, කලියුගය, යුගාන්තය, අවරගිර, වෑකන්ද වලව්ව, අම්මාවරුනේ ආදී සිනමා පට රැසක් සමඟ 1975 වසරේදී ගෝඩ්කින් නැමැතිඉංග්‍රීසි සිනමා පටයද අධ්‍යක්ෂණයකරමින් මෙරට ඉන් පසුව බිහිවූ සිනමා කරුවන්ට ප්‍රදීපස්ථම්භයක් වීමට හැකි වීමද ඔහු ජීවිතයේ ලත් සුවිශේෂ භාග්‍යයකි



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More