ඉකුත් 23 වැනිදා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වගෙන් පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී වික්‍රමසිංහ මහතා විසින් කොරෝනා ආසාදනය වී මියයන පුද්ගලයන්ගේ දේහ ආදාහනය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ කෘත්‍යාධිකාරි මණ්ඩලය විසින් ඒකමතිකව සම්මත කළ යෝජනාවට අනුව රුවන් විජේවර්ධන මහතාගේ අත්සනින් යුතුව මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත. එම මාධ්‍යය නිවේදනයට අනුව එකසත් ජාතික පක්ෂයේ ස්ථාවරය වන්නේ,කොරෝනා හේතුවෙන් මියයන පුද්ගලයින්ගේ මළසිරුරු සම්බන්ධ තීරණය ආණ්ඩුව කඩිනමින් ගතයුතු බවත් සියලු ජනකොටස් සමග සාකච්ඡා කිරීමෙන් පසු පොදු එකඟතාවයකට පැමිණ එය ගතයුතු බවත්ය.
එහිදී එම මාධ්‍යය නිවේදනය වැඩිදුරතත් පවසා සිටින්නේ, මෘතදේහයන් ආදාහනය කරන්නේද භූමදානය කරන්නේ ද යන්න තීන්දු කිරීම ඒ ඒ ජනකොටස්වල අයිතිවාසිකමක් බවත් විශේෂ අවස්ථාවකදී රජය ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට පෙර බෞද්ධ, හින්දු, කතෝලික සහ මුස්ලිම් ආගමික නායකයින් සමග සාකච්ඡා කළයුතුය යන්න එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය වන බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...