සීනි ආනයන කරුවන්ට අයුතු බදු සහනයක් ලබා දීමට මැදිහත් වී රජයට කෝටි දාහක පාඩුවක් සිදු කළ බවට බරපතළ බරපතළ චෝදනාවට ලක්ව සිටින සතොස සභාපති නුෂාඩ් පෙරේරා එම තනතුරින් ඉවත්කොට ප්‍රමිති ආයතනයේ සභාපති ලෙස පත් කිරීම ලංකා ලීඩ් ජාතික සංවිධාන මතය වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගෙන් අදහස ඔහුගේ වචනයෙන්
“ප්‍රමිති ආයතනයේ කියන්නේ ඉතාම දූෂිත ආයතනයක් බවට පසුගිය දිනවල විමල් විරවංශ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී චෝදනා කළා. ඒ ශරීරයට අහිතකර ව්‍යාජ සබන් වර්ගයක් සඳහා බහු බහුජාතික සමාගමක උවමනාව අනුව නව ප්‍රමිතියක් හඳුන්වා දීමය. ඒ මගින් එම සමාගම වාර්ෂිකව රුපියල් මිලියන 3000 ක ලාභයක් උපයන බවට චෝදනා ඉදිරිපත් වී තිබෙනවා. ඊට අමතරව කිරිපිටි ආනයනය කරන සමාගම් වල උවමනාවකට ෆාම් තෙල් මිශ්‍ර කළ කිරිපිටිවල ප්‍රමිතිය බලන්න ව්‍යාජ පරීක්ෂණ යොදා ගත් බවට ප්‍රමිති ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරියාට චෝදනා එල්ල වී ඇත. දැන් ඒ නුෂාඩ් පෙරෙරා කියන පුද්ගලයා සහ එහි කියන දූෂිත නිලධාරියාව එකට එකතු උනාම කොහොම තියෙයිද?”
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...