දේශීය පුවත්

එප්පාවල නල්ලමුදාව ශ්‍රී ශෙලබිම්බාරාම විහාරස්ථානයක වැඩ වසන හිමිනමකට එරෙහිව විරෝධය දැක්වූ කාන්තාවන් පිරිසක් විසුරුවා හැරීමට යාමේදී කාන්තාවකට අමානුෂික අයුරින් පහරදුන් එප්පාවල මූලස්ථාන ‍පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ වැඩ බලන ස්ථානාධිපතිවරයාගේ සේවය වහාම අත්හිටුවීමට උතුරු මැද පළාත භාර ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති රන්ජිත් අබේසිරිගුණවර්ධන මහතා නියෝග කර තිබේ.
අමානුෂික අයුරින් පහරදුන් එප්පාවල මූලස්ථාන ‍පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ වැඩ බලන ස්ථානාධිපතිවරයාගේ සේවය වහාම අත්හිටුවීමට උතුරු මැද පළාත භාර ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති රන්ජිත් අබේසිරිගුණවර්ධන මහතා නියෝග කර තිබේ.

ඊයේ (30) දිනයේ සිට වහාම ක්‍රියාත්මක වන පරිදි උප ‍පොලිස් පරීක්ෂකවරයාගේ සේවය අත්හිටුවීමට තීරණය කළ බවත් එම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට කැබිතිගොල්ලෑව සහකාර ‍පොලිස් අධිකාරී සේනක ජයසිංහ මහතා පත්කර තිබෙන බවත් අනුරාධපුර කොට්ඨාස භාර ‍පොලිස් අධිකාරිවරයා සඳහන් කළේය.
වැඩ අත්හිටුවීමට ලක්ව ඇත්තේ එප්පාවල ‍පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ලෙස කටයුතු කළ උප ‍පොලිස් පරීක්ෂක අබේවර්ධන මහතාගේයි. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර කොට්ඨාස භාර ‍පොලිස් අධිකාරී තිළිණ ප්‍රියංකර හේවාපතිරණ මහතාගේ උපදෙස් මත කැබිතිගොල්ලෑව සහකාර ‍පොලිස් අධිකාරී සේනක ජයසිංහ මහතා විසින් සිදුකළ පරීක්ෂණයකින් අනතුරුව සිද්ධියට සම්බන්ධ උප ‍පොලිස් පරීක්ෂකවරයාගේ වැඩ තහනමට ලක්කර ඇත.

තවද විරෝධතාව මැඩ පැවැත්වීම සඳහා අදාළ ස්ථානය වෙත වාර්තා කර සිටි අනෙක් සියලු ‍පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන්ද පරීක්ෂණ සිදුකර ඔවුන් වරදක් සිදුකර ඇත්නම් විනයානුකූල පියවර ගන්නා ලෙස පූජිත් ජයසුන්දර මහතා උතුරු මැද පළාත භාර ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පතිවරයාට නියෝග කර තිබේ.
එප්පාවල නල්ලමුදාව ශ්‍රී ෙශෙලබිම්බාරාම රාජමහා විහාරස්ථානයේ විහාරාධිපතීත්වය සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුවක් මුල්කර ගනිමින් ගම්වාසී කාන්තාවන් පිරිසක් පසුගිය 28 වනදා පස්වරුවේ විරෝධය පළකිරීමත් සමගින් ඇතිවූ උණුසුම්කාරී තත්ත්වය පාලනය කිරීමට එප්පාවල ‍පොලීසියේ නිලධාරීන් මැදිහත්වී තිබුණි. එහිදී කාන්තාවන් හා ‍පොලිස් නිලධාරීන් අතර උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවූ අතර ‍පොලිස් නිලධාරීන් පිරිසක් ‍පොලු රැගෙන විත් කාන්තාවන්ට පරුෂ වචනයෙන් බැණ වැදී පහර දුන් අයුරු මාධ්‍ය මගින් ප්‍රචාරය වීමත් සමගින් ‍පොලිස් නිලධාරීන්ට එරෙහිව පරීක්ෂණ ආරම්භ විය.

අදාළ සිද්ධියේදී විරෝධතාවේ නිරත වූ කාන්තාවන් තිදෙනකු හා පිරිමි පුද්ගලයකු ‍පොලිස් අත්අඩංගුවට ගත් අතර අත්අඩංගුවට ගත් පුද්ගලයන් සිව්දෙනා අයුතු ජන රාශියක නිරතවීම හා ‍පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ චෝදනා යටතේ ඊයේ (29) පස්වරුවේ තඹුත්තේගම මහේස්ත්‍රාත් රමිලා නදීශානි මහත්මිය හමුවට ඉදිරිපත් කළ අතර එහිදී එක් සැකකරුවකුට රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත සැකකරුවන් සිවු දෙනා මුදා හැරීමට නියෝග කර තිබුණාය.
ඇප ලබා ගැනීමෙන් අනතුරුව තුවාල ලැබූ කාන්තාවන් දෙදෙනකු විරෝධතාව අතරතුරදී ‍පොලිස් නිලධාරීන්ගේ පහර කෑමට ලක්වීම නිසා ශරීරයේ තැලීම් පවතින බව පවසමින් අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් වූ අතර කාන්තාවෝ දෙදෙනා අනුරාධපුර ශික්ෂණ රෝහ‍ලේ මහාචාර්ය ඒකකයේ 67 වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබති. ඒ අතර වැඩ තහනමට ලක්වූ ‍පොලිස් නිලධාරිවරයාගේ පහර කෑමට ලක්වූ කාන්තාවක් අනුරාධපුර රෝහ‍ලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More