පූජ්‍යය මැදගම ධම්මානන්ද හිමි,පූජ්‍ය කැප්පිටියාගොඩ සිරිනිමල හිමි,පූජ්‍යය කඹුරුගමුවේ වජිර හිමි, පූජ්‍යය බෙංගමුවේ නාලක හිමි, පූජ්‍යය ඇල්ලේ ගුණවංශ හිමි,පූජ්‍යය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි,පූජ්‍යය මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි,පූජ්‍යය මල්වානේ චන්දරතන හිමි,පූජ්‍යය කපුගොල්ලෑවේ ආනන්දකිත්ති හිමි,පූජ්‍යය මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි,පූජ්‍යය ඉත්තදෙමලියේ ඉන්දසාර හිමි සහ පූජ්‍යය ආචාර්ය මාදුරුඔයේ ධම්මිස්සර හිමි යන ස්වාමීන්වහන්සේලාගේ අත්සනින් යුතුව අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමු කරන ලද ලිපියකින් ඉල්ලා සිටින්නේ පළාත් සභා මැතිවරණය කඩිනමින් පවත්වා නව ව්‍යයවස්ථා සම්පාදන ක්‍රියාවලිය කඩා කප්පල් නොකරන ලෙසයි.
උන්වහන්සේලා ඉදිරිපත් කළ ලිපිය මගින් කරුණු හතරක් අවධාරණය කර ඇත. ඒවා නම් 1)පළාත් සභා නොමැතිව වුවද පළාත් මට්ටමේ පරිපාලනය කිරීමේ හැකියාව 2)පලාත් සභා දේශපාලන යටි අරමුණු සාක්ෂාත් කරගන්නා මෙවලමක් පමණක් වීම 3)පලාත් සභා සුදු අලියෙක් වීම 4)පලාත් සභා මැතිවරණය නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමට බාධාවක් වීම යන කරුණු වේ.
එම කරුණු හතරට යටත්ව උන්වහන්සේලා ගරු ජනාධිපති තුමාගෙන් පහත කරුණු ඉටු කරන ලෙස ඉල්ලා සිටී. ඒවා නම්,
අ )නව ව්‍යවස්ථාව සම්මත කිරීමට පෙර පළාත් සභා මැතිවරණය නොපවත්වන ලෙස ආ ) නව ව්‍යවස්ථා සම්පාදනය වසරක් තුළ අවසන් කරණ ලෙස ඇ )නව ව්‍යයවස්ථාවක් මගින් පවතින පළාත් සභාවලට විකල්පයක් ලෙස හඳුන්වා දීමට නියමිත පරිපාලන විමධ්‍යයගත කිරීමේ බල ව්‍යුහය කුමක්දැයි ආණ්ඩුව විසින් පැහැදිලි මතයක් ප්‍රකාශයට පත් කරණ ලෙසත්ය.
උන්වහන්සේලා ජනාධිපති තුමා වෙත යොමුකරන ලද ලිපිය පහතින්…
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...