භූ විද්‍යාඥයන් විසින් මන්නාරමේ මරිච්චකට්ටු සහ නැගෙනහිර පළාතේ එරගම යන ප්‍රදේශයන්හි අඩි තිහක් යන තුරු කිසිම කාලයක භූගත ජලය නැතැයි; තම ඉල්ලීම මත සකසා දුන් පරීක්‍ෂණ වාර්තාව රජයට භාර දුන් බව ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි.
මුස්ලිම් මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමක දී තමන් වෙත භාරදුන් වගකීමක් අනුව මෙරට භූගත ජලය ඉතා ගැඹුරින් පිහිටන ස්ථාන දෙකක් ගැන මෙම වාර්තාව සකස් කර භාරදුන්නේ යයි ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා වැඩිදුරටත් සඳහන් කරයි.
උක්ත පරීක්‍ෂණ වාර්තාව අග්‍රාමාත්‍යවරයාට සහ සෞඛ්‍ය ඇමැතිවරියට ලබාදුන් බවද පැවසූ ඇමැතිවරයා එය වෛද්‍යවරුන්ට ඔවුන්ගේ කමිටුවේදී සලකා බැලිය හැකි බවද කොවිඩ් ආසාදිත වී මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ මෘත දේහ භූමදානය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් පල කරමින් සඳහන් කර සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...