දේශීය පුවත්

මල්වතු අස්ගිරි උභය විහාර පාර්ශ්ව පෙන්වා දෙන්නේ කොවිඩ් -19 වෛරසය හේතුවෙන් මියයන පුද්ගලයන්ගේ මෘත දේහ සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග සෞඛ්‍ය නීතිවලට යටත්ව ගතයුතු බවයි.

සෞඛ්‍ය නීතිවලට සෑම ජාතිකයෙකුම හා ආගමිකයෙකුම එකමුතුව සහය පළකළ යුතු බව මල්වතු පාර්ශ්වයේ අනුනායක පුජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමි පවසා සිටියහ.

උන්වහන්සේ මාධ්‍යට අදහස් දක්වමින්,”ආදාහනය ද? භූමදානය ද කියලා තීරණය ගන්නේ විශේෂඥවරු. ඒ කටයුතුවලට බාධාවක් හිරිහැරයක් නොකළ යුතුයි.” යනුවෙන් පවසා සිටියහ.

අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරි පුජ්‍ය නාරම්පනාවේ ආනන්ද නා හිමියෝ අදහස් දක්වමින් ආසාදිතයන්ගේ දේහ පිළිබඳ අවසන් කටයුතු සම්බන්ධයෙන් ක්‍රියාකළ යුතු ආකාරය තීරණය කිරීමේ දී ආණ්ඩුව කිසිදු බලපෑමකට යටත් නොවිය යුතු බව අවධාරණය කරණු ලැබූහ.

එහිදී උන්වහන්සේ වැඩිදුරටත් අදහස් දක්වමින්,”ආදාහනයද? භූමදානයද? කියලා ගැටලුවක් මුලින් තිබුණේ නෑ. ඇතැම් දේශපාලකයන් මෑතකාලයේ එය තමන්ගේ වාසිය සඳහා හරවා ගත් ප්‍රශ්නයක් බවට පත්වෙලා. සමාජය තුළ අනවශ්‍ය ප්‍රශ්නයක් නිර්මාණයක කරන්න දරන උත්සහයක් හැටියටයි අපිට පේන්නේ. කොවිඩ් වසංගතය අතරතුර තවත් වසංගතයක් සමාජගත කරන්න එපා කියලා කියන්න ඕනේ. එක නීතියක් මේ සියලු කාර්යයන් සඳහා ක්‍රියාත්මක කරන්න.” යනුවෙන් අවධාරණය කළහ.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More